මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර දින නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන උත්සවය ජුනි 06 නානුඔයේදී

    ජූනි 04, 2016
    ලෝක පරිසර දිනයට සමගාමිව  නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන උත්සවය  2016 ජුනි මස 06  වැනිදා  උදැසන 10.00  ට  කදුරට නව ගම්මාන හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරන් මහතාගේ ප්‍රධානත්වයෙන් නානුඔය නාවලර් දෙමළ විද්‍යාලයේ දි පැවැත්වීමට නියමිතය.
    1972 වර්ෂයේදී ස්වීඩනයේ පැවති එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාවක් සම්මත වීමෙන් ලෝක පරිසර දින සැමරුම ආරම්භ කෙරිණි.මෙවර ජගත් පරිසර දිනයේ සැමරුම් තේමාව වන්නේ "බිලියන 7ක ජනකායක් - එක මිහිමඬලක් - අරපරිස්සම් වෙමු" යන්නය.
     
    'තිරසාර භාවිතය - සුරකියි මිහිතලය' යන තේමාව යටතේ අප රට ද පරිසර දින සැමරුම සිදු කරනු ලබන අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය සහ මධ්‍යම පරිසර අධිකාරියේ මෙහෙයවීමෙන් තලවකැලේ වැවිලි සමාග‍මේ අනුග්‍රාහක දායකත්වය මත නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන උත්සවය පැවැත්වේ.
     
    AP/DMU-Nuwaraeliya
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya