මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් ළමා සුරක්ෂිතතා මාසය ඇරඹේ

    ජූනි 02, 2016

    නිරෝගී මනසක්, නිරෝගී කයක්, හා යහපත් සමාජ පරිසරයක් තුළින් අධ්‍යාපනයට වඩාත් සුදුසු පරිසරයක් සකස් කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහන් පෙළක් ක‍්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින්  ඊයේ (01) සිට මේ මස 30 වැනි දා තෙක් මාසය පාසල් ළමා සුරක්ෂිතතා මාසය ලෙස නම් කර ඇති අතර ඒ යටතේ පාසල් පරිශ‍්‍රය තුළ හා ඉන් පිටත දී දරුවන් ආරක්ෂා කරගැනීම සම්බන්ධ විවිධ වැඩසටහන් පෙළක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

     


    මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම පිළිබඳ වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී ඊයේ (01) අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර “සොඳුරු ළමා ලොවක් - සුරක්ෂිත හෙටක්“ යන  තේමාව ඔස්සේ ක‍්‍රියාත්මක කෙරේ.

     

    ඒ යටතේ මෙම වැඩසටහන් මාලාව තුළ පළමු සතිය දුම්වැටි හා මත්ද්‍රව්‍ය නිවාරණ  සතිය වශයෙන් ද, දෙවැනි සතිය, ළමා ආරක්ෂක සතිය වශයෙන් ද, තුන්වැනි සතිය පාසල් සෞඛ්‍ය ප‍්‍රවර්ධන සතිය වශයෙන් ද, සිව්වැනි සතිය සමාලෝචන සහ සිසුන් ඇගයීම  වෙනුවෙන් ද වෙන් කර තිබේ.

     

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, හෙල්දි ලංකා ආයතනය, මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය, කාන්තා හා ළමා කටයුතු කාර්යාංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, මධ්‍යසාර හා දුම්වැටි පිළිබඳ ජාතික අධිකාරිය මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සිටින බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    පාසල් දරුවන් අතර, දුම්වැටි සහ දුම්කොළ ආශ‍්‍රිත නිෂ්පාදන පරිහරණය කිරීමේ ප‍්‍රවණතාවෙහි අඩුවීමක් දක්නට ලැබෙන බව ද අනාවරණය වී තිබේ.

     

    කෙසේවුවත්, විවිධ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීමේ වගකීම වැඩිහිටියන් සැමගේ වගකීම වන බව ද අවධාරණය කෙරිණි.

     

    මේ අවස්ථාවට, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන්, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් කේ ගමගේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකු බාලසූරිය, පෝෂණ සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි, ජාතික ළමා රක්ෂක අධිකාරියේ වැඩසටහන් කළමනාකරු රෝහණ රණසිංහ, දුම්කොළ හා මත්ද්‍රව්‍ය නිවාරණ අධිකාරියේ වෛද්‍ය සජීව රණවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya