අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයේ ණය ආධාර ලැබෙන්නේ 0.1%ක් වැනි ඉතා අඩු පොලියට - ඇමැති හර්ෂ ද සිල්වා

    ජූනි 02, 2016

    ජපානයෙන් මේ වන විට සෘජු ආයෝජන අවස්ථා මෙරටට ලැබී තිබෙන බව වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය.

    ජපානයෙන් ලැබෙන මෙම ණය ආධාර 0.1%ක් වැනි ඉතා අඩු පොලියක් යටතේ ලබා දීම සිදු වන බව අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා සඳහන් කළේය.

     

    කැලණි පාලම ඉදි කිරීම, එම ස්ථානයේ සිට කණු මත ඉදි කෙරෙන රාජගිරිය දක්වා වූ මාර්ගය ඉදි කිරීම, මධ්‍යම අධිවේගි මාර්ගයේ  3 වැනි අදිරය ඉදිකිරීමේ ණය ආධාර ලබාදීම යනාදී ආයෝජන රැසක දායකත්වය ලබා දීම සිදු වන බවත් මෙවැනි අවස්ථාවක් මෙරටට හිමි වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තරය සමඟ ගොඩනගාගෙන තිබෙන සුහදත්වය මත බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ලෝක බලවතුන්ගේ ජී 7 සමුළුවේදී ජනාධිපතිවරයාට එම සියලුම රාජ්‍ය නායකයින්ගේ සහය සුහදත්වය ලැබී තිබෙන බවත් GSP+ සහනය ලබාදීමේ නිල ප්‍රකාශය ඉදිරි දින කිහිපය තුළ දී සිදු වන බවත් හර්ෂ ද සිල්වා මහතා  පැවසීය.

    දුරකතන සඳහා පනවා ඇති බදු දීර්ඝකාලීනව සිදු නොවනු ඇතැයි ද මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහනා කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya