අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දය ඔබේ අයිතියයි.

    ජූනි 02, 2016
    වයස අවුරුදු 18 සම්පුර්ණ  වු සියළු දෙනා  මැතිවරණ නාම ලේඛනයට තමන්ගේ නම ඇතුළත් කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය  මහතා මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
    දිවයිනේ පදිංචියක් සහිත සෑම නිවසකටම ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති පත්‍ර ග්‍රාම නිලධාරි මගින් ලබා දීමට කටයුතු කර ඇති බවත්  ජුලි 15ට පෙර  ඒවා සම්පුර්ණ කර භාර දීමට කටයුතු කරන ලෙසත් සභාපතිවරයා පැවසීය. 
     
    ඡන්ද දායකයන්ගේ දිනය නිමිත්තෙන් නාවලපිටිය නගරයේ  පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට  එක්වෙමින් සභාපතිවරයා මෙම ඉල්ලීම කළේය. 
     
    ජුනි මස 01 දිනට යෙදුන ඡන්ද දායකයන්ගේ  දිනය  නිමිත්තෙන් “ඡන්දය ඔබේ අයිතියයි,  කිසිදු  ඡන්දහිමියෙකු අත්නොහැරෙන මැතිවරණ ක්‍රමයක්“  තේමාව කරගනිමින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්විණි. 
     
    මෙහිදී නගරයේ  ජනතාව වෙත අත්පත්‍රිකා   බෙදා දීමක් හා  පාසැල් සිසුන් ඇතුළු ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් ද  පැවැත්විණි.
     
    AP/DMU- Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya