අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරට හසු වූ කොළඹ ප්‍රදේශයේ අපද්‍රව්‍ය බැහැර කිරීමට ස්වෙච්ඡා සංවිධානවලට ආරාධනා කරයි

    ජූනි 02, 2016

    ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් කොළඹ ප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු සඳහා ඕනෑම ස්වෙච්ඡා සංවිධානයකට සහාය විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් ඒකකයේ වෛද්‍ය නිලධාරී නොයෙල් විජේසිංහ මහතා පවසයි.

    කොළඹ,සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට අද (02) සහභාගී වෙමින් වෛද්‍ය නොයෙල් විජෙසිංහ මහතා මේ බව පැවසීය. පාරිසරික අභියෝග හා පසු ආපදා කළමනාකරණය පිළිබඳව මෙහිදී මාධ්‍ය දැනුවත් කළේ ය.

    සහභාගී වීමට කැමැත්ත දක්වන ස්වෙච්ඡා සංවිධාන පළාත් පාලන අමාත්‍යාංශයේ දුරකතන අංක 011-2423146 යන දුරකතන අංකය අමතන ලෙසත්  සහභාගී වීමට කැමැති ස්වෙච්ඡා සංවිධන අයි.ඩී.එච්. අඩළ පිහිටි ටී.බී. ඉඅංගරත්න ක්‍රීඩාංගනය අසළට පැමිණෙන ලෙසත් වෛද්‍ය නිලධාරී නොයෙල් විජේසිංහ මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya