මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේස්ගත ශ්‍රී ලාංකිකයන් පැන වූ සියලු සීමා ඉවතට

    ජූනි 02, 2016

    දේශපාලන තාඩන පීඩනවලට ලක්වී තම මව්බිම හැරගොස් විදේශ ගතවීජීවත් වන සියලුම ශ‍්‍රී ලාංකික පුරවැසියන්  වෙත විදේශ ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා පසුගිය කාලයේදී පනවා තිබූ සියලු සීමාවන් වහාම ඉවත් කරමින් රජය විසින් චක‍්‍රලේඛයක් නිකුත් කොට තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

    නිදහසේ පටන් රටේ පැවති සම්ප‍්‍රදායට අනුව යමින් විදේශ ගතව සිටින සියලු ශ‍්‍රී ලාංකික පුරවැසියන්ට විදේශ ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීමේ අයිතිය නැවත තහවුරු කරමින් නව චක‍්‍රලේකය ආගමන විගමන පාලක ජෙනරාල්වරයා විසින් ඊයේ දින නිකුත් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

     

    පසුගිය රජය දේශපාලන හේතූන් මත විදේශ රටවල රැකවරණ ඉල්ලා සිටි සියලුම ශ‍්‍රී ලංකික පුරවැසියන් වෙත විදේශ ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම අත්හිටුවනමෙන් 2011 මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලවලට උපදෙස් ලබා තිබිණි.

     

    ඉහත සීමා පැනවීම් නිසා ශ‍්‍රී ලංකාව විසින් බොහෝ කාලයක් තුළ අත්සන් තබා තිබූ ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම් සහ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට පුරවැසියන් වෙත හිමිකොට දී තිබෙන මානව හිමිකම් දරුණු ආකාරයෙන් උල්ලංඝණය විය. එමෙන්ම එම 2011 චක‍්‍රලේඛය මඟින් රටේ පැවති අධිකාරිවාදී පාලනයට එරෙහිව හඩ නැගීම හේතුවෙන් රට හැර ගොස් සිටි ශ‍්‍රී ලාංකිකයින්ට සිය රට පැමිණීමට නොහැකිව එතෙරට වී දුෂ්කර පීඩාකාරී ජීවිත ගත කිරීමට සිදු විය.

     

    යහපාලන රජය රටේ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීමටත් නීතියේ ආධිපත්‍ය ක‍්‍රීයාත්මක කිරීමටත් සම්පූර්ණයෙන් බැඳී සිටින බව නව චක‍්‍රලේකය මගින් පෙන්වා දී තිබේ. තමන් විශ්වාස කරන දේශපාලන මතයන් හා ක‍්‍රියාකාරකම් නොසළකා සියලු පුරවැසියන් වෙත නිදහසේ ගමන් කිරීමටත් සමාන ලෙස සළකනු ලැබීමටත් ඇති අයිතිය තහවුරු කිරීමට රජය බැඳී සිටියි.

     

    වර්තමාන රජයේ යහපාලන ප‍්‍රතිපත්ති හා ප‍්‍රතිසන්ධාන පියවර මගින් විදේශ ගතව සිටින සුවිශාල ශ‍්‍රී ලාංකික පිරිසක් නැවත සිය රට පැමිණීමටත් ආයෝජනය කිරීමටත් තම කැමැත්ත පළ කොට තිබේ. මෙසේ ඒකාධිපති සීමා පැනවීම් ඉවත් කිරීම මගින් විදේශගතව වෙසෙන සියලුම ශ‍්‍රී ලාංකික පුරවැසියන්ට නැවත සිය රටට පැමිණීමටත් රටේ සංවර්ධනයට හා ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලියට උරදීමටත් හැකියාව ලැබෙනු ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya