අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශයෙන් දුදරුවන්ට පාසල් උපකරණ

    ජූනි 02, 2016
    වාහනමිල පිළිබඳ ගැටළුව ඇතිවුයේ අප රට තුළ පරිසර හිතකාමී රටකක් ගොඩනැගීමේ අරමුණ ඇතිවයි.මේ පිළිබඳව සමහර අය එක එක මත ඉදිරිපත් කරමින් දඟලනවා.නමුත් මිල ඉහළ ගිය වාහන ගැන හැමදාම කතා කළත් මිල අඩු කල වාහන ගැන එක්කෙනෙක් වත් කතා කරන්නේ නැති බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
    මාළඹේ හේවාගම කණිෂ්ඨ විද්‍යාලයේ හා වැලිවිට ශාන්ත මරියා කණිෂ්ඨ විද්‍යාල වල  ඉගෙනුම ලබන ගංවතුරෙන් සිය පොත්පත් අහිමි දරුවන් වෙනුවෙන් සියළු පාසල් උපකරණ ලබා දීමේ උත්සවයකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    එහිදී තව දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ ඔබතුමාලා දන්නවා ඇති පාරක පයින් යන්න බැරි තරමට වාහන කන්දරාවක් අප රට තුළ තියෙනවා. ඒ නිසා මේවගේ යම්කිසි සීමාවක් ඇතිවෙන්න ඕන.ඒකෙන් මම අදහස් කරනනේ නෑ මේ රටේ පුරවැසියන්ට වාහන මිලදී ගන්න ඇති අවකාශය නැති කරනවා කියලා.ත්‍රීවිල් නිසා අනිත් වාහන ධාවනයට බාධා ඇති වෙලා තියෙනවා කියලා.සමහරු කියනවා,  තව පැත්තකින් බලන විට ධාවනයට නුසුදුසු වාහන අති බහුතරයක් ධාවනයේ යෙදෙනවා.මෙම වාහන ධාවනයෙන් ඉවත් කරන්න වැඩ පිළිවෙලක් අපිට අවශ්‍යයි.ඒ නිසා තමයි මේ වාහන මිල ඉහළ දැමීමක් සිදුකර තිබෙන්නේ.
     
    ඉදිරියේදී පරිසර හිතකාමී වාහන මේ රටේ ධාවනයට යෙදීමට අවශ්‍ය වටපිටාවක් මෙමඟින් නිර්මාණය කර ගැනීම තමයි අපේ අරමුණ විය යුත්තේ.ඒ නිසා තමයි සමහර හයිබ්‍රිඩ් වාහන හා ඉලෙක්ට්‍රනික් වාහන වල මිල අඩු කර තිබෙන්නේ.මේ ක්‍රියාවලියේදී අපි උත්සහ ගන්නේ රටේ සියළු ජනතාවට හොද වාහනක් ලබා දීමට අවශ්‍ය මට්ටමට සකස් කිරීමයි.අප රටේ මාර්ග පද්ධතිය දියුණු කල යුතුයි.එයත් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා රජයක් හැටියට.
     
    අමාත්‍යවරයා පවසා සිටියේ පසුගිය දිනවල ගංවතුරෙන් විපතටපත් ජනතාවට අපගේ රජයෙන් කිසිදු පියවරක් ගන්නේ නෑ කියලා යම් යම් අය මත ප්‍රකාශ කරනවා.එය අපි එකහෙලාම ප්‍රතික්ෂේප කරනවා.ඒ වගේම අපගේ රජයේ මැති ඇමතිවරුන් පෞද්ගලිකවත් මොවුන් වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කලා.ඒ අනුව තමයි අද දින ගංවතුරෙන් විපතට පත් මේ පාසල් වල දුවාදරුවන් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය සියළු පාසල් උපකරණ ලබා දෙන්නේ.
     
    මේ සඳහා මගේ අමාත්‍යංශය වන ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශයේ සියළු සේවක සේවකයන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයන් වගේම අප අමාත්‍යංශය යටතේ ඇති සියළු ආයතන, ඒ වගේම ආර්ථික මධ්‍යස්ථාන වල ඉන්න වෙළඳ මහතුන්ගේ පරිත්‍යාගයන්ද මේ සඳහා අපට නොඅඩුව ලැබුනා.ඒ හැමෝටම මේ අවස්ථාවේ මා ස්තූතිය පුද කර සිටිනවා.මේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට දායක වීම ගැන.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya