මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනජීවී නිලධාරීන්ට විශේෂ රක්ෂණාවරණයක්

    ජූනි 02, 2016

    තම ජීවිතයද නොතකා දැඩි අවදානමක් ගෙන වනජීවී සම්පත රැකගැනීම සඳහා දැඩිවෙහෙසක් ගන්නා වනජීවී නිලධාරීන්ට විශේෂ රක්ණ ක්‍රමයක් සහ විදෙස් රටවල පුහුණුව ලබාදීම කෙරෙහි අවධානය යොමුකරමින් සිටින බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය පැවසුවාය.

    නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශකලේ බත්තරමුල්ලේදී පැවති වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා වන ජීවී නියාමක නිලධාරී සංගමයේ සංවත්සර මහා සමුළුවට සහභාගී වෙමිණි.

     

    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහ  රට වෙනුවෙන් අපේ නිලධාරීන් කරන සේවය වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන විට ඒ වැඩපිළිවෙළ සාර්ථක ක්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේ නිලධාරීන්ගේ හා දේශපාඥයන්ගේ මාරු වීම් හේතුවන් බව අමාත්‍යවරිය පෙන්නා දුන්නාය.

     

    මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සේවාව ඇගයීමට කටයුතු කරන බවත් එම නිලධාරීන්ගේ යෝජනා කිහිපයක් පිළිබඳ අවධානය යොමු කර තිබෙන බවත් ඇය සඳහන් කළාය.

     

    මෙම අවස්ථාවට තිරිසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ ලේකමි ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුමිත් පිලපිටිය, තිරිසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ නිලධාරීන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,පරිසර වේදීන් ඇතුළු සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සාමාජීකයින් 600 පමණ පිරිසක්  සහභාගීවූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya