අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුර කසළ මේ සතිය තුළ සම්පූර්ණයෙන් ඉවතට

    ජූනි 01, 2016

    ගංවතුරු හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ එකතු වී තිබෙන කසළ සම්පූර්ණයෙන්ම මේ සතිය තුළ ඉවත් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය  ෆයිසර් මුස්තෆා මහතා පැවසීය.

    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර්  මුස්තෆා මහතා අද පෙරවරුවේ අංගොඩ, ටී.බී. ඉලංගරත්න ක්‍රීඩාංගනයට පැමිණ කසළ ඉවත් කිරීමේ කටයුතු පිළිබඳව නිලධාරීන් සමඟ සාකච්ඡා කර තිබෙන අතර එහිදී අමාත්‍යවරය මේ බව සඳහන් කළේය.

     

    කසළ ඉවත් කිරීමේ වැඩසටහන අද (01) මෙම අමාත්‍යාංශය ආරම්භ කළ අතර ඒ  සඳහා අංගොඩ ටී. බී. ඉලංගරත්න ක්‍රීඩාංගනයේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කර තිබේ.

     

    කසළ ඉවත් කිරීම සඳහා රුපියල් මිලියන 18 ක් රජය වෙන්කර තිබෙන බව පෙන්වා දෙන එම අමාත්‍යාංශය යුද හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතනවල නිලධාරීන් 500 ක් පමණ මේ සඳහා අනුයුක්ත කර තිබෙන බව ද සඳහන් කරයි.

     

     එමෙන්ම සියලුම පළාත් පළාන ආයතන වලින් ලබාගත් ජේ.සී.බී., ටිපර්, ට්‍රැක්ටර්, කසල එකතු කිරීමේ යන්ත්‍ර සහ විදුලි බිඳවැටීම් නඩත්තු කරන වාහන ඇතුළුව සියයකට අධික වාහන සංඛ්‍යාවක් යොදා ගෙන තිබෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya