අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් 7,000ක් සංවර්ධනයට රුපියල් මිලියන 63,000ක්

    ජූනි 01, 2016

    ජාතික ආණ්ඩුවක් ලෙස රටේ අධ්‍යාපනය ගොඩනැගීමට සියලු දෙනා පෙරමුණ ගතයුතු හොඳම කාලය උදාවී තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.


    අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළකලේ ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සහ පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

     

    අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2016 අයවැය යෝජනා හරහා සිදු කිරීමට නියමිත "ළඟම පාසල හොඳම පාසල" වැඩසටහන පිළිබද සහ පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම වෙනුවෙන් ඊයේ (31) බත්තරමුල්ල "අපේගම" පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යංශය හරහා මේ වනවිට දිවයිනේ පාසැල්වල ප්‍රමුඛතාවය ලබාදියයුතු අවශ්‍යතා හඳුනාගැනීමට කටයුතු කර ඇති බවත් පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහ පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහයෝගයද ලබා ගනිමින් එම අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ක්‍රියාකරන බවද සඳහන් කළේය.

     

    එමෙන්ම ඇතැම් ප්‍රදේශවල පවතින ගුරු හිඟය, විදුහල්පතිවරුන්ගේ ගැටලු, පරිපාලන ගැටලු ආදිය පිළිබඳවද පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සහ පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම ද මෙහිදී විය.

     

    මෙම වැඩසටහනේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපනයට ක්ෂේත්‍රයට සිදු කරන කාර්යභාර්ය ද ප්‍රධාන අමාත්‍යවරුන්ගේ පැසසුමට ලක්විය.

     

    "ළඟම පාසල හොදම පාසල" තේමාව යටතේ පාසල් 7,000ක් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 63,000 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමට නියමිතයි. එහි ආරම්භක පියවර ලෙස රුපියල් මිලියන 340.3 ක මුදලක් ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ එම්.පී.ජයසිංහ මහතා වෙත බාරදීම ද ඊයේ සිදු කෙරුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya