අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය කෞතුගාරයක් ස්ථාපිත කළ යුතුයි-ප්‍රවාහන අමාත්‍ය

    ජූනි 01, 2016

    වසර 152 ක පමණ දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇති ශ්‍රි ලංකා දුම්රිය සේවෙයහි ඓතිහාසික කෞතුක මෙවලම් ඒකරාශි කරමින් ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය කෞතුකාගාරයක්  පිහිටුවීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.


    අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කරන ලද්දේ පසුගිය දා දැනට කඩුගන්නාවේ පිහිටුවා ඇති දුම්රිය කෞතුකාගාරයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

     

    නමුත් තවමත් කෞතුක වටිනාකමකින් යුතු උපකරණ සහ භාණ්ඩ දිවයිනේ විවිධ ස්ථානවල ඇති අතර දුම්රිය මාර්ගය තැනීමට යොදා ගත් උපකරණල දුම්රිය එන්ජින් සහ මැදිරි සංඥා ක්‍රම සදහා භාවිතා කළ උපකරණ ආදිය එකරාශී කරමින් එක් ස්ථානයක වඩාත් ආකර්ශනීය ලෙස මෙම දුම්රිය කෞතුගාරය ඉදි කිරිමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

     

    මෙහිදී අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතාට සහ දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී ආරියරත්න යන මහත්වරුන්ට උපදෙස් ලබාදෙමින් කියා සිටියේ මෙම කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවේ මෙතෙක් දුම්රිය සේවාව නඟාසිටුවීමටත් ඒ පිළිබඳ විශේෂඥ දැනුමින් හා දැඩි උනන්දුවක් දැක්වු විශේෂ දැනුම ඇති සාමාජිකයින්ගෙන් යුතු විශේෂ කමිටුවක් පත් කරන ලෙසටයග එමෙන්ම දෙස් විදෙස් ජනතාවට පහසුවෙන් යාහැකි මේ සඳහා ඉඩ පහසුකම් සහිත ස්ථානයක් තෝරාගෙන කෞතුගාරය ස්ථාපිත කිරිමේ කටයුතු කරන ලෙසද දන්වා සිටියේය.

     

    මෙම කටයුතු ඉටුකිරිම සඳහා රාජ්‍ය මුදල් භාවිතා නොකරමින් මේ පිළිබඳ උනන්දුවක් දක්වන අනුග්‍රහකයන් මගින් මෙහි ඉදිරි කටයුතු සිදුකරන ලෙස මෙහිදී තීරණය විය.

     

    වර්ෂ 1864 දී ප්‍රථම වරට අඹේපුස්ස දක්වා ධාවනය කෙරුණු වාෂ්ප බල දුම්රිය එන්ජින් සහ විවිධ වර්ගයේ වාෂ්ප දුම්රිය එන්ජින් සහ මැදරි මෙම ස්ථානයේ දැනට ප්‍රදර්ශනයට තබා දුම්රිය සේවයේ ව්‍යාප්තියත් සමගම ක්‍රමයෙන් නවීන තාක්ෂණික මෙවලම් උපයෝගි කර ගනිමින් දුම්රිය ධාවනයේ යෙදුණු අතර ඒ සදහා විවිධ උපකරණල සංඥා යොදා ගැණුනි.

     

    ශ්‍රි ලංකාවේ ජනතාවට පමණක් නොව විදේශිකයන්ද ආකර්ශනය වන අයුරින් මෙම කෞතුගාරය ඉදි කිරිමට නියමිත අතර දැනට කඩුගන්නාවේ ඇති දුම්රිය කෞතුගාරය පිළිබදව ජනතාව දැනුවත් වී නොමැති බවත් ඉදිරියේදි මේ පිළිබද විවිධ ප්‍රචාරක මාධ්‍යන් ඔස්සේ දෙස් විදෙස් සංචාරකයින් දැනුවත් කිරිමේ වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

     

    මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීරල දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න යන මහත්වරුන් ඇතුලු නිළධාරින් පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya