අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ වරාය, කලාපයේ ඇති හොඳම වරායන් අතරට ගෙනයාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූයේ වාණිජත්ව මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැත්වුණු Meet the Minister වැඩසටහනට සහභාගීවෙමිනි. 
    වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුළුල් කිරීම සඳහාත් මෙහිදී ක්‍රියාමාර්ග ගන්නා බවයි. වඩාත් සාර්ථක ආයෝජකයින් සඳහා අවස්ථාව ලබාදීමට අමාත්‍යවරයා සූදානම් බවද එහිදී අවධාරණය කළේය.
     
     “අපේ අමාත්‍යාංශය යටතේ ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා. ඒ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ  සී/ස නැව් සංස්ථාව. 
    ශ්‍රී  ලංකා වරාය අධිකාරිය යටතේ විශාල ණය ප්‍රමාණයක් තියෙනවා. ඒ රුපියල් බිලියන 232 ක්. අපි ඒ ගැන අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළා. එයින් වැඩි ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ හම්බන්තොට වරාය සඳහා. නාවික  ක්ෂේත්‍රය  පිළිබඳ සලකාබලද්දී හම්බන්තොට වරාය ඉතා වැදගත් වරායක්. නමුත් වියදම් කර ඇති මුදල දිහා බැලුවම මීට වැඩිය සංවර්ධනයක් තිබිය යුතුයි. දැන් අපි ඒ ගැන සාකච්ඡා අරඹලා තියෙනවා. අපි මේ වනවිට අපේ ප්‍රධාන ප්‍රශ්න විසඳගන්න සාකච්ඡා කරමින් සිටිනවා අයෝජකයින් සමඟ.
     
    කොළඹ වරාය මේ වනවිට ලාභ මත පවතිනවා. නමුත් එයින් විශාල මුදල් ප්‍රමාණයක් හම්බන්තොට වරායට යොදවන්න සිදුවෙලා තියෙනවා. මේ වනවිට අපේ ප්‍රධානතම ව්‍යාපෘතිය වන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයයි. එහි ආයෝජකයින් ලෙස ගෙන්වා ගැනීමට අපි ලෝකයේ නාවික සේවා සපයන ප්‍රමුඛ ආයතන සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ආයෝජන පාර්ශ්ව ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය යනාදී විවිධ රටවලින් ඉන්නවා. අපේ වරාය මේ කලාපයේ හොඳම වරායන් අතරට ගෙනයා යුතුයි. ඒ සඳහා අවශ්‍ය හොඳම ආයෝජකයින් අපි සොයමින් ඉන්නවා.....” යනුවෙන්ද අමාත්‍යවරයා එහිදී පැවසීය.
     
    ජාතික වාණිජත්ව මණ්ඩලය විසින් සංවිධානය කෙරුණු Meet the Minister වැඩ සටහනින් ව්‍යාපාරික ප්‍රජාවට අමාත්‍යවරුන් හා ඍජුව සාකච්ඡා කිරීමට අවස්ථාවක් උදා වේ. එසේම අමාත්‍යවරයා වෙත සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවද ලැබේ. මෙය සංවාදාත්මක ස්වරූපයෙන් සිදුකරයි. අමාත්‍යාංශ යටතේ ඇති අනාගත සැලසුම් හා වර්තමාන ක්‍රියාකාරීත්වයන් හා එම කෙෂ්ත්‍රයට අදාළ වන බලපෑම් එහිදී සාකච්ඡා කෙරේ. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya