මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදකැටිය මාදැල් තොටුපලේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න-ධීවර රාජ්‍ය අමාත්‍ය

    ජූනි 01, 2016
    අනවසර ඉදිකිරීම් ඉවත්කර තංගල්ල මැදකැටිය මාදැල් තොටුපළේ ධීවර ජනතාවට තම කර්මාන්තය කරගෙන යාමට අවශ්‍ය පරිසරය සකස්කර නොදුනහොත් ධිවරයින් සමග තමා උපවාසයක් අරබන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය .
    අමාත්‍යවරයා  කියා සිටියේ පවතින තත්වය පිළිබදව ජනාධිපතිතුමා ,අග්‍රාමාත්‍යතුමා මෙන්ම ධීවර අමාත්‍යතුමා දැනුවත් කර කඩිනමින් අනවසර ඉදිකිරීම් ඉවත් කර ධීවර ජනතාවට සිය මාදැල් කර්මාන්තයේ නිරතවීමට අවස්ථාව උදාකර දෙන බවය 
     
    පසුගියදා ධීවර ජනතාවගේ ඉල්ලීම මත තංගල්ල මැදකැටිය මාදැල් තොටුපලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසීය.
     
    මෙම මැදකැටිය මාදැල් තොටුපල වසර 150 ක් පමණ පැරණිය . එම තොටුපල ආශ්‍රිතව ධීවරයින් 150 දෙනෙකු පමණ ධීවර කර්මාන්තයේ නිරතව සිටියහ . එහෙත් පසුගිය රජය සමයේ මෙම මැදකැටිය තොටුපල ආක්‍රමණය වන පරිදි අනවසර අදිකිරීම් සිදුකිරීම හේතුවෙන් ධීවර ජනතාවට සිය කර්මාන්තය කරගෙන යාමට නොහැකි වී තිබේ .  එම අනවසර ඉදිකිරීම් සිදුකරද්දී කොතෙක් විරෝධතා එල්ල වුවත් පැවති රජය ඒ කිසිවකට සවන් නොදී අදාළ ඉදිකිරීම් සදහා සහය ලබාදුන් බවට ධිවරයින් චෝදනා කළහ .
     
    “ධිවරයින් මුහුණදී සිටින මෙම තත්වය මම අවස්ථා ගණනාවකදීම පෙන්වා දුන්නා . එහෙත් සාධාරණක් ඉටු වුනේ නැහැ . මේ පිළිබදව ජනාධිපති , අගමැති හා ධීවර අමාත්‍යවරයා  දැනුවත් කර අනවසර ඉදිකිරීම් ඉවත්කර ධීවර ජනතාවට නැවතත් පෙර පරිදි තම මාදැල් කර්මාන්තයේ නිරතවීමට අවස්ථාව උදාකරදීමට උත්සාහ ගන්නවා . ” 
     
    ඒ කිසිදු උත්සාහයකින් මෙම අනවසර ඉදිකිරීම් ඉවත්කර ධීවර ජනතාවට නැවත තම මාදැල් කර්මාන්තයේ නිරත වීමට අවස්ථාව උදාකරදීමට නොහැකි වුවහොත් එදාට ධීවර  ජනතාව හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්  සමග තංගල්ල නගරයේ උපවාසයකට තමන් එක් වන බව ද ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය . 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya