අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපුල් තුෂාර දේවාලේගමගේ පවුලට අංග සම්පූර්ණ නිවසක් -පළිගැනීමේ චේතනාවෙන් කරන දේශපාලනය නතර කරමු

    ජූනි 01, 2016

    දේශපාලන කටයුතුවල නිරතවී සිටියදී නිවිතිගල දෑල ප‍්‍රදේශයේදී මරණයට ලක්වූ උපුල් තුෂාර දේවාලේගම මහතාගේ බිරිඳ හා දරුවන් තිදෙනාට ගාමිණි අතුකෝරළ පදනම මඟින්  අංග සම්පූර්ණ නව නිවස භාර දීම   විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් සිදු කරන ලදී.

     

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, මිනී මරපු වෛර කරපු දේශපාලන යුගයක් පහුගිය කාලයේ දක්නට ලැබුණා. දේශපාලන හයිය උපයෝගි කරගෙන අහිංසක මිනිස්සු තලලා පොඩිකරපු දේශපාලන යුගයක් තිබුණේ.තමන්ට විරුද්ධ දේශපාලන මතයක් තිබුණ අයට මේ විදිහට හිරිහැර කළා. ඒ අත්දැකීම හොඳින් මම වින්දා.  

     

    පළිගැනීමේ  චේතනාවෙන් දේශපාලනය කරන්න බැහැ කියන පණිඩිඩය තමයි මම අද දෙන්න උත්සහ කරන්නේ. අද අපේ රටේ ප‍්‍රධාන පක්‍ෂ දෙකක් එකට එකතු වෙලා වැඩ කරනවා. ඒ නිසා තමයි මෛති‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති කළා. ඉතිහාසයේ නොයෙකුත් අවස්ථාවලදී එක පවුලේ පස් හය දෙනා මරලා දාපු යුගයක් තිබුණා.භීෂණය ඉහවහා ගියා. මොන තරම් යුධ ජයග‍්‍රහණ කලත් හරි පණිවිඩයක් දෙන්න බැරි වුණා. අපි අතරේ තියෙන දේශපාලන වෛරය, කුහකකම නතර කරන්න අවශ්‍යයි යැයි අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.


    මීට අමතරව අමාත්‍යවරිය විසින් ගාමිණි අතුකෝරළ පදනම මඟින් උපුල් තුෂාර දේවාලේගම මහතාගේ දරුවන් තිදෙනා වෙනුවෙන් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තියnලබාදීම සඳහා ඔවුන්ට බැංකු ගිණුම් තුනක් ලබාදීමද සිදුකරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya