අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝ නොවන රෝග වැළැක්වීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක් - පෝෂණය සඳහා දැවැන්ත වැඩසටහනක්

    ජූනි 01, 2016

    බෝ නොවන රෝග වැළැක්වීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන බවත් පෝෂණය සඳහා දැවැන්ත වැඩසටහනක් රටතුළ ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය  පාලිත මහීපාල මහතා පවසයි.

    වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ (31) මේ බව ප්‍රකාශ කළේ ජාතික පෝෂණ මාසය පිළිබඳ මාධ්‍ය වෙත අඳහස් දක්වමිනි.

     

    අප මව් කිරි ප්‍රවර්ධනය කිරීම අතින් ඉදිරියෙන් සිටින රටක්. මව්කිරි ප්‍රවර්ධනය සියයට 78%ක් ශ්‍රී ලංකාව තුළ සිදුවෙනවා. පාසල් සමාජය තුළ පෝෂණය ඉතාම වැදගත්.ඒ නිසාම පාසල් ආපනශාලා පිළිබඳ ප්‍රතිපත්තියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙනවා. මෙය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි.

     

    කොළඹ දිස්ත්‍රික්කය, පාසල් දරුවන් අතර අධි පෝෂණය වැඩියෙන්ම තිබෙන දිස්ත්‍රික්කයයි.රටේ එළවළු පරිභෝජනය අඩුයි.පළතුරු පරිභෝජනය වීමත් අඩුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා බෝ නොවන රෝග වැළැක්වීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට.බෝ නොවන රෝග අංශ එක වහලක් යටට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

     

    පෝෂණය පිළිබඳව කටයුතු කරන්නට අවශ්‍ය මුදල් ලබාදී තිබෙනවා.පෝෂණය සඳහා දැවැන්ත වැඩසටහනක් රටතුළ ක්‍රියාත්මක කරනවා.ඒ සඳහා පෝෂණ මාසයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා යැයි වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya