මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්වැටි සහ මද්‍යසාර විරෝධී සටන ඉදිරියට ගෙන යා යුතුයි- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    මැයි 31, 2016

    දුම්වැටි සහ මද්‍යසර භාවිතය නිසා සෞඛ්‍ය වැය ලෙස වසරකට බිලියන 212ක් වැයවන බවත්මනව සමජය වෙනුවෙන් දුම්වැටි සහ මද්‍යසාර විරෝධී සටන  ඉදිරියට ගෙන යා යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ, අද (31) කොළඹ, සෞඛ්‍ය අධ්‍යාපන කර්යංශයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

    දුම්පානය නිසා බිලියන 71.2ක සෞඛ්‍ය වැයක් සිදු වෙනවා.මද්‍යසාර හා දුම්වැටි නිසා සෞඛ්‍යයට වන බලපෑමත් වැඩියි. අද විශේෂ දිනයක්.දුම්වැටි නිවාරණ දිනය අදට යෙදී තිබෙනවා.කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්වුණා. එහිදි අතිගරු ජනාධිපතිතුමා එඩිතර ප්‍රකාශයක් කළා. වසර2020 වනවිට රටතුළ දුම්කොළ වැවීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව ප්‍රකාශ කළා.

     

    ඉදිරියටත් දුම්කොළ මද්‍යසාරවලට එරෙහි සටන තවත් වේගවත් කළ යුතුයි. ලෝක දුම්වැටි නිවාරණ දිනයේ තේමාව වන්නේ ''Plain Packaging'' යන්නයි.දුම්පානයේ අඩුවීමක් තිබුණත් මද්‍යසාර භාවිතය භාවිතයේ වැඩි වීමක් තිබෙනවා.සියයට 22.6%ක් වූ දුම්වැටි භාවිතය අඩුවී තිබෙනවා.මද්‍යසාර භාවිතය සියයට 26% සිට සියයට 34% දක්වා වැඩි වී තිබෙනවා.

     

    21වන සතවර්ෂයේ දී දුම්වැටි මද්‍යසාර නිසා මිලියනක් ජනතාව මරණයට පත්වන බව පුරෝකථනය කර තිබෙනවා.මෙය මහ ඛේදවාචකයක්. ඒ නිසා මේ සන්දහා මතවාදී අරගලය ඉදිරියට ගෙන යා යුතුයි යැයි වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya