මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිගරට් බොන අය ඉන් ගලවා ගැනීමට අවශ්‍යයි - වෛද්‍ය පාලිත අබේකෝන්

    මැයි 31, 2016

    සිගරට් බොන අය ඉන් ගලවා ගැනීමට අවශ්‍යයි.දුම්පානය නැවැත්වීමට කිසිදු ප්‍රමාදයක් නෑ. හිතේ ධෛර්ය තිබෙනවා නම් එය සිදු කළ හැකියි. සියයට 24% සිට සියයට 19%දක්වා දුම්වැටි භාවිතය අඩු වී තිබෙන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පවසයි.


    අදට (31) යෙදී තිබෙන ලෝක දුම්වැටි නිවරණ දිනය වෙනුවෙන්  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මෙසේ පැවසී ය.

     

    බෝ නොවන රෝගවලට ප්‍රධාන කාරණ කීපයක්බලපනවා. දුම්කොළ, මද්‍යසාර, වැරදි ආහාර පුරුදු,බලපානවා.දුම්කොළ පමණයි නිෂ්පාදකයින් කියන ලෙසට භාවිත කරන විට වසක් වන්නේ.

    ශ්‍රී ලංකාවේ වසරකට දුම්කොළ භාවිතය නිසා 27,000ක් පමණ මිය යනවා. දිනකට හයක් දුම්කොළ නිෂ්පාදන භාවිතයෙන් මිය යනවා. වසර 2011-2015 වසරවල කළ සමීක්ෂණයට අනුව සියයට 24% සිට සියයට 19% දක්වා දුම්වැටි භාවිතය අඩු වී තිබෙනවා. එය සියයට 19% දක්වා ඩු වීමක්.එය ලොකු ප්‍රගතියක්.

    පිරිමි පාර්ශවය සියයට 11-12% අතර දුම් ඉරීම සිදු කරනවා.එය සංඛ්‍යාත්මකව ලක්ෂ 12ක්.එය වැඩි අගයක්. අග්නිදිග ආසියා කලාය තුළ අප ඉන්නේ සිව්වැනි තැන.


    ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව දුම්පානය ප්‍රජාසෞඛ්‍ය ගැටළුවක් නොවන්නට නම් සියයට 5% දක්ව අඩු විය යුතුයි. දුම්කොළ භාවිතයේ පලනයක් වී තිබෙන්නේ මාධ්‍ය හා සන්නිවේදන ප්‍රචාරයයි. ඉදිරියටත් සියලු මාධ්‍ය සහාය අවශ්‍ය වෙනවා.

    පාසල් ළමුන් අතර දුම්පානය පිළිබඳව සමීක්ෂණයක් සිදු කළා.  ළමුන් අතර දුම්පනය අඩුවීමක් තිබෙනවා. 2011 සියයට 11%ක් තිබුණ ප්‍රතිශතය මේවනවිට සියයට 3%ක් වී තිබෙනවා.ගිය මාසය වනවිට සංඛ්‍යාත්මකව සිටින්නේ 45,000ක්.

    එහෙත් දුම්කොළ භාවිතය තරමක් ඉහළ ගොස් තිබෙනවා. එය සියයට 4% සිට සියයට 6% දක්වා.දුම් පානය කරන ස්ථනය පිළිබඳව නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දුම්කොළ නිවාරණ දිනය සැමරීම අද කොළඹ බණ්ඩරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදු කෙරෙනවා.


    රූපමය අවවාද ලෝකයේ රටවල් 11ක් මේවනවිට ක්‍රියාත්මක කර තිබෙනවා.මීට මාස තුනකට පෙර එංගලන්තය ආරම්භ කළා.සිගරට් බොන අය ඉන් ගලවා ගන්න අවශ්‍යයි.දුම්පානය නවත්වන්න ප්‍රමාද නෑ. හිතේ ධෛර්ය තිබෙනවා නම් එය සිදු කළ හැකි''යැයි ද වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya