දෙස් විදෙස් සහනාධාර කළමනාකරණය සඳහා එක් ස්ථානයක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති කර තිබෙන බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.
අගමැතිවරයා ප්‍රකාශ කළේ අනාගතයේ ආපදා තත්ත්වයන් අවම කරගැනීම සඳහා ද මෙම අමාත්‍යාංශය විසින් සැකසුම් සකසමින් සිටින බවයි.
ජල ගැලීමෙන් ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන්, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන මගින් ප්‍රදානය කළ සහල් තොගයක් ආපදා කළමනාකරණ අංශ වෙත භාරදීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (27) අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මෙහෙයවීම යටතේ ඔහුගේ අමාත්‍යාංශයේ සියලුම දෙනා ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් දිනක වැටුප ප්‍රදානය කොට තිබෙන සඳහන් කළ අගමැතිවරයා ඒ සියලු දෙනාටම තමාගේ ස්තූතිය පළ කර සිටින බව ද පැවසීය.
ආපදා තත්ත්වය නිර්මාණය වීමත් සමග ජනාධිපතිතුමාත්, අපත්, මැති ඇමතිවරුන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය රජයේ සේවකයන් මෙන්ම ස්වේච්ඡා සංවිධාන විශාල වැඩ කොටසක් කළ බව ද අගැමැතිවරයා වැඩිදුරටත් පැවසීය.