අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් මිලියන 36ක් අධ්‍යාපනයෙන් බැහැර වෙලා

    මැයි 28, 2016

    සමාජ සංහිඳියාව, සාමය සහ අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා මූලාරම්භක ප‍්‍රවේශය ලබාදිය හැක්කේ ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් බවත්, මෙම සමුළුව පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    යුනිසෙෆ් ආයතනය ශ‍්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව තිරසාර සාමය හා අධ්‍යාපනය පිළිබඳ වූ ප‍්‍රථම දකුණු ආසියානු සමුළුව ඊයේ (27) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි. එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    ශ‍්‍රී ලංකා රජය වශයෙන්,  අධ්‍යාපනය තුළින් සමාජ සංහිදියාව සහ සාමය වර්ධනය කිරීම සම්බන්ධ වූ මෙම වැඩසටහන අගය කරන බව ඇමැතිවරයා මෙහිදී පැවසීය.

    තිරසාර සාමයක් උදෙසා අධ්‍යාපනයේ ඇති කාර්යභාරය පිළිබඳව දැනුවත්භාවය ගොඩනැංවීම මෙම සමුළුවේ මූලික පරමාථය වේ.
     
    ගැටුම් හා ප‍්‍රචණ්ඩත්වය දරුවන් කෙරෙහි බලපෑම් ඇති කරවයි. තමා අවට ප‍්‍රජාවෙන් හා අධ්‍යාපනය පිළිබඳ අයිතීන්ගෙන් ඔවුන් ඈත් කරවයි.  "දකුණු ආසියාවේ සියලු දරුවන්ට අධ්‍යාපනය ලබා දෙමු -2015 ” නැමැති යුනිසෙෆ් - යුනෙස්කෝ වාර්තාවට අනුව ප‍්‍රචණ්ඩත්වය හා දේශපාලන අස්ථාවරභාවය නිසා මේ වන විට  දරුවන් මිලියන 36 ක් පාසල් අධ්‍යාපනයෙන්  බැහැරව සිටිති.

    දකුණු ආසියානු කලාපයේ යුනිසෙෆ් නියෝජ්‍ය කලාපීය අධ්‍යක්ෂ පිලිප් කෝරි මහතා සමුළුව වෙනුවෙන් අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ නිරෝගී, ආරක්ෂිත, උගත් සහ සවිබලයෙන් යුතු දරුවන් සහ තරුණ පරම්පරාවක් සාමකාමී සෞභාග්‍යමත් සහ තිරසාර ලොවක් සඳහා අත්‍යවශ්‍ය වන බවයි. රටවල් තුළ සාමය වැඩිදියුණු කෙරෙන අන්දමේ ගුණාත්මක අධ්‍යාපනයක් ඇතිකරලීම සඳහා යුනිසෙෆ් ආයතනය කැප වී සිටින බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    දකුණු ආසියාවේ බොහෝ රටවල් ගැටුම් සහ සිවිල් යුධ තත්ත්වයන් අත්දැක ඇත. දකුණු ආසියාවේ ගැටුම් කෙරෙහි දුගීභාවය, අසමානතාවය, වෙනස්කොට සැලකීම, දුර්වල ආණ්ඩුකරණය වැනි සමාජ ආර්ථික හේතූන් ප‍්‍රබල දායකත්වයක් සපයයි.

    අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් ඩබ්.එම්. බන්දුසේන, බර්ලින්ගම් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ලින්ක් ඩේවිස්, සසෙක්ස් විශ්වවිද්‍යාලයේ මරියෝ නොවේලි,  අල්ස්ටර් විශ්වවිද්‍යාලයේ ඇලන් ස්මිත්, පකිස්ථානයේ සාම අධ්‍යාපන සහ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂිකා ෂමීනා ඉම්තියාස්, ඉන්දියාවේ චන්ඩිගර් පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ප‍්‍රතිභා සිංහ්, ජමියා මිලියා ඉස්ලාමීයා  අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ආචාර්ය ෆරීඩා ඛාන් ඇතුළු මහත්ම මහත්මීන්  පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya