අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යල සිසුන්ට දුන් පොරොන්දු ඉටු කර තිබෙනවා - උසස් අධ්‍යාපන ඇමැති

    මැයි 27, 2016

    පසුගිය මැතිවරණ සමයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට දුන් පොරොන්දුවක් ඉටු කරමින් මෙම පරිගණක ලබාදීම සිදු වන බවත්  විශ්වවිද්‍යාල දීමනා, මහපොළ ශිෂ්‍යත්ව වැඩි කර තිබෙන අතර  අධ්‍යාපනයට , විශේෂයෙන් උසස් අධ්‍යාපනයට 35‍%ක මුදලක් වැය කර තිබෙන බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  පැවසීය.

    උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය මඟින්, සරසවි සිසු සිසුවියන් හට ලැප්ටොප් පරිගණක ලබාදීමේ වැඩසටහන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ පාර්ලිමේන්තුවේ සභානායක උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (26) වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්විණි. එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    ශ‍්‍රී ලංකාව පුරාම විශ්වවිද්‍යාල නේවාසිකාගාර 20ක් සෑදිම සඳහා අයවැයෙන් මුදල් වෙන් කර තිබෙන අතර  2018 වන විට එම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් නිදහස් අධ්‍යපන ආරක්ෂා කරනවා වගේම ඒ සඳහා පෞද්ගලික අංශයෙනුත් යම් දායකත්වය ලැබි යුතු යැයි තමා අපේක්ෂා කරන බවත් පැවසීය.

     


    උපකුලපතිවරයා විශ්වවිද්‍යාල පාලනය කළ යුතු බව නව මේ රජය පැහැදිලි පිළිගත්ත ප‍්‍රතිපත්තිය බවත් ආණ්ඩුව විශ්වවිද්‍යාලයවලට අවශ්‍ය ලබාදීම සිදු කරන බවත් විශ්වවිද්‍යල සිසුන් ලිප්ටන් වටරවුමට එනවනම් එහි වගකීම විශ්වවිද්‍යා උපකුලපතිවරයා හා පාලන මණ්ඩලය භාර ගත යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    “මම උසස් අධ්‍යාපන ඇමති ධූරය භාරගත් වෙලාවේ  ශිෂ්‍යයින් වගයක් ලිප්ටන් වටරවුමට ආවා . පසුව අපි කථා කලා . ඔවුන්ව පාර්ලිමේන්තුවට ගෙන්නලා කරුණු කාරණා විමසුවා. ඇත්ත වශයෙන්ම හොයලා බලද්දී ඒ විශ්ව විධයාලයේ  කථිකාචාරවරු නැහැ. සදුදා සිට සිකුරාදා දක්වා දේශන නැහැ. ඒවගේ තත්වයක් තමයි ඒ විශ්ව විද්‍යාල තුල තිබ්බේ. පසුව අපි විශේෂ කැබිනට් පත‍්‍රිකාවක් දාලා අවශ්‍ය ක‍්‍රියා මාර්ග අරගෙන  කථිකාචාරවරුන් ඒ විශ්වවිද්‍යාලවලට යොමු කලා . "

    "මේවා විශ්ව විද්‍යාල මට්ටමින් විසඳා ගන්න  ඕනා, නැත්නම් උපකුලපති කමින් වැඩක් නැහැ, පාලක මණ්ඩලයෙන් වැඩකුත් නැහැ. උපකුලපතිතුමයි පාලක මණ්ඩලයයි විශ්ව විද්‍යාල ඇතුලේ තියන තත්වය මනාව තේරුම් ගන්න  ඕනා. විශ්ව විද්‍යාල වලට අවශ්‍ය ස්වාධීනත්වය අපි දීලා තිබෙනවා. රටක් දියුණු වෙන්න නම් විශ්ව විද්‍යාල දියුණු වෙන්න  ඕනා. "

     

    නවීන ලෝකයට ගැළපෙන ශිෂ්‍ය පරපුරක් බිහි කිරීමට අවශ්‍ය බවත් නවීණ තාක්ෂණය සම්බන්ධ වී ලෝකයේ අනෙකුත් විශ්වවිද්‍යාල දියුණු මට්ටම පැමිණ ඇති ආකාරය සම්බන්ධයෙන් ශිෂ්‍යයන් අධ්‍යයනය කළ හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    සයිටම් විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන ප‍්‍රශ්න සඳහා ද විසඳුමක් ලබා දිය යුතු බව ද අමාත්‍යරවයා වැඩිදුරටත් පැවසීය.

     

    මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා , විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මොහාන් සිල්වා මහතා , උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී.සී. දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya