අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිසාපති සමුළුව ඇරඹේ

    මැයි 27, 2016
    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත් වීමෙන් දෙදිනක් පුරා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැත්වෙන දිසාපති සමුළුව පසුගියදා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 
    මේ සඳහා දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහභාගී වූ අතර පැවති ආපදා තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. මෙයට අමතරව ඒ ඒ දිස්ත්‍රික්කයන්ට බලපාන ගැටලු පිළිබඳව සාකච්ඡා වූ අතර ඒ සඳහා අමාත්‍යවරයා මැදිහත්වී කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කළේය.
     
    මෙහිදී අදහස් දැක්වූ වජිර අබේවර්ධන අමාත්‍යවරයා,
     
    “පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීමේදී රජයේ නිලධාරීන් ඉටුකළ සේවයට මම මෙහිදී විශේෂ ස්තූතිය පළ කරනවා. ගංවතුරෙන් විපතට පත් වූ අනවසර පදිංචිකරුවන් සඳහාද සාධාරණය ඉටුකරන බව ආණ්ඩුව අවධාරණය කරනවා. ඔවුන්ගේ නිවාස ගැටලුව විසදීමට එහිදී ප‍්‍රමුඛතාව ලබාදීමට රජයක් ලෙස අප කටයුතු කරගෙන යනවා.
     
    විපතට පත්වුවන් සඳහා අස්ථානගත වූ හෝ විනාශ වූ උප්පැන්න සහතික හා ජාතික හැදුනුම්පත් වෙනුවෙන් නව උප්පැන්න සහතික සහ ජාතික හැදුනුම්පත් ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ ලබාදීමට අප විශේෂ වැඩපිළිවෙලක් සකස් කරනවා.“
     
    මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ඇතුළු සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, අමාත්‍යාංශ නිලධාරීහු  සහභාගී වූහ.
     
     
     
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya