මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස ( සා.පෙළ) විභාගය සදහා අයදුම්පත් භාර ගැනීම ජුනි 10 දක්වා දීර්ඝ කෙරේ.

    මැයි 26, 2016
    අ.පො.ස ( සා.පෙළ) විභාගය සදහා අයදුම්පත් භාර ගැනීම  මැයි 31 වන දායින් අවසන් වීමට නියමිතව තිබුනද  ගංවතුර හා නායයාම් නිසා ඇතිවී ඇති ආපදා තත්ත්වය නිසා  එය  ජුනි 10 වන දින දක්වා දීර්ඝ කිරීමට රජය  තීරණය කර ඇති බව  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
    ඒ මහතා මෙම අදහස් පළ කළේ අද ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවති වර්තමාන ආපදා තත්වය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය.
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ගංවතුර හා නායයෑම් නිසා අවතැන්වු පාසැල් සිසුන්ගේ සංඛ්‍යාව 63,318 ක් වන අතර මිය ගිය සංඛ්‍යාව 29 ක් බවත් පැවසීය.
     
    මෙහිදී අදහස් දැක්වු ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස් .බණ්ඩාර මහතා, රත්නපුර ,කළුතර, කෑගල්ල, හා මහනුවර යන දිස්ත්‍රික්කයන්හි තවමත් ආපදා තත්වයන් පහවී නොමැති බව පැවසීය.   නාය යාහැකියැයි විශ්වාස කල හැකි ස්ථාන 1,300 ක් මේ වන විට හඳුනා ගෙන ඇති අතර එම් ස්ථානයන් පිළිබද පර්යේෂණ සිදු කරමින් පවතින බවත් පැවසීය.
     
    මෙම ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම නොකඩවා සිදු කරමින් පවතින බවත් ජනතාවට  සහන ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටළු ඇත්නම් 117 අමතන ලෙසද ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.  
     
    මෙම අවස්ථාවට  ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාද සහභාගි විය.
    AP
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya