මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙන්මාර්ක් තානාපති, වරාය ඇමති හමුවේ.

    මැයි 26, 2016
    ශ්‍රී ලංකාවේ ඩෙන්මාර්ක් තානාපති පීටර් ටක්සෝයි ජෙන්සන් (Peter Taksoe-Jensen) මහතා පසුගියදා වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  වරාය හා නාවික අමාත්‍යාංශයේදී හමුවිය.
    පීටර් ටක්සෝයි ජෙන්සන් (Peter Taksoe-Jensen) මහතා ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය සහ මාලදිවයින යන රටවල් හතරෙහිම ඩෙන්මාර්ක් තානාපති වශයෙන් කටයුතු කරයි. 
     
    ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ ඊයේ කොළඹදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් සමුළුවට(UNDP Conference) සහභාගීවීම සඳහාය. වරාය සහ නාවික අමාත්‍යාංශයට පැමිණි ඩෙන්මාර්ක් තානාපතිතුමා පිළිගත්  වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඔහු සමඟ දීර්ඝ සාකච්ඡාවකද නිරත විය.
     
    ශ්‍රී ලංකා වරාය ක්ෂේත්‍රයෙහි ආයෝජන අවස්ථා කවරේදැයි මෙම සාකච්ඡාවේදී පීටර් ටක්සෝයි ජෙන්සන් මහතා විසින් සොයා බැලිණ. දෙරට අතර පවත්නාවූ නාවික වෙළඳ සහයෝගීතාව වැඩි දියුණු කිරීම ගැනද මෙම හමුවේදී අවධානය යොමු විය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya