අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා වූවන්ට නොමිලේ විදුලි සබඳතා

    මැයි 25, 2016

    ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමිවූවන් ප‍්‍රතිස්ථාපනය කිරීමේදී නව විදුලි සබඳතා නොමිලේ ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා  පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ඇතිවූ ආපදා තත්ත්වය මත ඇති වූ ගංවතුර තත්ත්වයන් බැසගියත්, නිවාස අභ්‍යන්තරයේ විදුලි පරිපථයන්හි පවතින ආපදා තත්ත්වයන් මත විදුලි සබඳතා ලබාදිය නොහැකි තත්ත්වයක් පවතින බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    මේ සඳහා නොමිලේ ලබාදීම සඳහා දුරකතන අංක  011 3030303 අමතා ලංකා විදුලිබල මණ්ඩලයේ ක්ෂණික මැදිහත්වීම ලබා ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව තිබෙන බව ඊයේ (24) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.  

    එසේම මෙම ස්වභාවික ආපදා තත්ත්වයන්ට අඩු ආදායම්ලාභී පවුල්  මුහුණදී තිබෙන බවත් ආපදාවට ලක් වී අලුතෙන් ස්ථාපිත කරන නිවාස සඳහා  නව විදුලි සබඳතාවයද නොමිලයේ ලබාදීමට තීරණය කළ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    මේ වනවිට විදුලි පාරිභෝගික සංඛ්‍යාව ලක්ෂ 60ක් වන අතර ඒ අතරින් 590,124ක විදුලි බිඳවැටීම් වාර්තා වෙලා තිබෙන බවත් ඒ අනුව ඇති වූ ස්වභාවික ආපදා තත්ත්වයත් සමඟ මුළු පාරිභෝගික සංඛ්‍යාවෙන් 60% ක් පමණ විදුලි සබඳතා බිඳවැටීම් සිදු වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

     මේ වනවිට විදුලි බිඳවැටීම්වලින් 526,788 ක් යථා ත්ත්වයට පත් කර තිබේ.


    ප‍්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබුණ නිසා 2014 ලංකා විදුලබල මණ්ඩලය රු. බිලියන 11 ක අලාභයක් ලබා තිබෙන බවත් 2015 වර්ෂයේ රු.බිලියන 20ක පමණ ලාභ ලැබූ ප‍්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබුණ නිසයි.  මේ වසරේ පෙබරවාරි වන විට රු.බිලයන 2 ක පමණ ලාභ සහිත තත්ත්වයක සිටියා. නමුත් පසුගිය අපේ‍්‍රල් මස වනවිට එය බිලියන 4 ක පමණ අලාභයක් බවට පත්වුණා. මෙම තත්ත්වයන්ට පලපෑ ප‍්‍රධාන සාධකය වර්ෂාපතනය වූ බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වය නිසා වැඩිවශයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයට හානී වූ බවත්  ඒ වගේම ඉදිරියටත් මේ දිස්ත‍්‍රික්කයට ආපදාවන් ඇතිවීමේ ආවදානමක් පවතින බැවින් කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ආපදා සහන කටයුතු සැලැස්වීම සඳහා 0714435237 අංකය අමතා අවශ්‍ය සහන කටයුතු පිළිබඳව දැනුවත් විය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya