අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “දැනුවත් කිරීමෙන් කළයුතු දේ නීතිය මගින් කළ නොහැකියි.” - ධීවර රාජ්‍ය අමාත්‍ය

    මැයි 25, 2016
    නීති විරෝධී ක්‍රියා මෙන්ම තහනම් පන්න ක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයට වන හානිය පිළිබද නිසි දැනුවත් කිරීම් මගින් ධීවරයා නීති ගරුක පුද්ගලයකු කළහැකි  බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය .
    අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එසේ නොමැතිව නීති පැනවීමෙන්ම  පමණක් තහනම් පන්න ක්‍රම භාවිතයෙන් හෝ නීති විරෝධී ක්‍රියා වලට යොමුවීමෙන් ධීවරයා ඉවත් කර ගැනීම අපහසු කාර්යයක් බවය.
     
    මෙම දැනුවත් කිරීම් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමෙන් සිදු කිරීම් සදහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අමාත්‍යවරයා මැතිතුමා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල් ක්‍රිස්ට් ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස්  ලබා දුන්නේය.
     
    “ නීති විරෝධී පන්න ක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයට, මහා මුහුදට සිදුවන හානිය, මත්ස්‍ය සම්පතට සිදුවිය හැකි තර්ජන, මත්ස්‍ය සම්පත වඳවීයාමේ අවදානම, මෙමගින් අනාගතයේදී මුහුණ පෑමට සිදුවිය හැකි ගැටළු පිළිබද මනා අවබෝධයක් ලබා දියයුතුයි. මෙම දැනුවත් කිරීම් සදහා ධීවර ජනතාව උපරිමයෙන් සහභාගි කර ගතයුතුයි.” 
     
    “මේ පිළිබද නිවැරදි අවබෝධයක් ලැබුනොත් ධීවරයා තහනම් පන්න ක්‍රම භාවිතයෙන් ඉවත්වන බව සහතිකයි. මොකද අපි මේවා කතා කළාට ධීවර ජනතාව මේගැන දන්නේ නැහැ. ඒ නිසා අපි පළමුව මේ දැනුවත් කිරීම් කළයුතුයි. ඒ අතරේ නව පන්න ක්‍රම හදුන්වා දීමද කලයුතුයි. ඒ මගින් පමණයි මේ ගැටළුවට ස්ථීරසාර විසදුමක් ලබා ගත හැක්කේ.” යයිද අමාත්‍යවරයා පැවසීය.
     
    අනතුරකදී ජීවිත ගලවා ගැනීමේ ආරක්ෂක ක්‍රම, ජීවිතාරක්ෂක උපකරණ පිළිබදවද දැනුවත් කිරීම් සිදු කළ යුතු බවත්, ජීවිතාරක්ෂක ජැකට්ටු වලට පමණක් සීමා නොවී අනතුරකදී ධීවරයත්, යාත්‍රාවත් නිරුපද්‍රිතව ගලවා ගතහැකි ලෝකයේ දැනට භාවිතා කරන ක්‍රමවේද මෙන්ම උපකරණ පිළිබදවත් දැනුවත් කිරීම් කලයුතු බවද දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය.
     
    AP
       
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya