අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශයෙන් වත්තල ජනතාවට ආධාර

    මැයි 25, 2016
    ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය යටතේ  ඇති සියළු ආයතන හා ආර්ථික මධ්‍යස්ථාන වල සිටින වෙළඳමහතුන් විසින් එක් රැස් කර දුන් වියළි ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය, පානීය ජලය, හාල් හා පොල් ඇතුළු ජනතාවට අවශ්‍ය  අනිකුත් ආහාර ද්‍රව්‍ය පසුගියදා ජල ගැලීමෙන් විපතට පත් වත්තල ප්‍රදේශයේ ජනතාව වෙත බෙදාදීම සඳහා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතාගේ සහභාගීත්වයෙන්  වත්තල ප්‍රදේශීය ලේකම් වෙත නිල වශයෙන් ලබා දෙන ලදී.
    මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ......... පසුගියදා රටේ ඇතිවු ගං වතුර හා නාය යෑම් නිසා විශාල ජනතාවක් අසරණ තත්වයට පත්ව සිටීම කණාගාටුවට කරුණක් බවත් මේ අවස්ථාවේදී පක්ෂ, පාට, ජාති, කුල නොබලා අප රටේ එකම ජනතාවක් යන හැගීම ඇතිව විපතට පත් ජනතාව වෙනුවෙන් උපකාර කල යුතු බවයි.ඒ අනුව අප අමාත්‍යාංශය යටතේ පවතින සියළු ආයතන වල සේවක සේවිකාවන් වගේම ආර්ථික මධ්‍යස්ථාන වල සිටින වෙළඳ මහතුන්ගේ පූර්ණ කැපවීම මත එකතු කර ගත් මෙම ආධාර ද්‍රව්‍ය වත්තල ප්‍රදේශයේ ජනතාව සඳහා බෙදා දීමට තිරණය කළ බවයි.
     
    තවද ඉදිරි දින කිහිපය තුළ අපේ අමාත්‍යංශය මඟින් විපතට පත් ජනතාව වෙනුවෙන් අපගේ අමාත්‍යාංශයේ සේවක සේවිකාවන්ගෙන් හා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වල සිටින දානපතියන්ගේ ආධාර උපකාර ඇතිව නව රෙදි පිළි, පාසල් උපකරණ, පොත් පත් හා ළමයින්ගේ පාසල් නිමි ඇදුම් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
     
    විපතට පත් ජනතාවගේ ජල හා විදුලි බිල්පත් සඳහා සහනයක් ලබා දීමට අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ඒවගේම ඔවුන්ගේ ඉදිරි අනාගතය යහපත් කර ගැනීම සඳහා නිවාස ආධාර, නිවාස තනා දීම වැනි කටයුතු අපගේ රජය මඟින් කරන්න බලාපොරොත්තු වෙනවා යයිද අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් රේනුකා ඒකනායක, වී අලෙවි මණ්ඩලයේ සභාපතිතුමන්,සාමාන්‍යාධිකාරීතුමන් ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් සහභාගී විය.     
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya