අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂි කාර්ය සාධක බලකායක් පත් කෙරේ

    මැයි 24, 2016

    ජල ගැලීම හේතුවෙන් කෘෂි වගාවන් සඳහා සිදු වී ඇති හානිය පිළිබඳ කටයුතු කිරීමට කාර්ය සාධක බලයකායක් පත් කර තිබෙන බවත් ඒ යටතේ හානියට පත් කෘෂි වගාවන් හා වාරි මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බවත්  කෘෂිකර්ම අමත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජනසේවා දෙපාර්තමේන්තුව, පළාත් සභා යන ආයතනවල නියෝජිතයන් සහ දිසාපතිවරුන්ගෙන් සමන්විතව මෙම කමිටුව පිහිටුවා තිබෙන බව ද සඳහන් කළේය.

     

    එසේම සෑම පළාතක්ම නියෝජනය වන ලෙස නිලධාරියෙක් බැගින් පත් කර සම්බන්ධීකරණය කටයුතු සිදු කෙරෙන බවත් කෘෂිකර්මාන්තය සඳහා සිදු වූ හානිය සම්බන්ධයෙන් වාර්තා ලැබෙමින් පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    දැනට ලැබී ඇති දත්ත අනුව ජලගැලීම් හේතුවෙන් සම්පූර්ණයෙන් හා අර්ධ වශයෙන් වගා බිම් හා වාරිමාර්ග පද්ධතියේ සිදු වී තිබෙන හානි හඳුනාගෙන තිබෙන බවත් අර්ධ වශයෙන් විනාශ වූ වගාවන් හා වාරි මාර්ග යළි යාවත්කාලීන කර නිෂ්පාදනයට දායක කර ගැනීමට කටයුතු කරන බවත්  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ඒ මහතා ප්‍රකාශ කළේ වගා කළ හැකි අර්ධ වශයෙන් හානි වූ ඉඩම් අක්කර 25,880ක් පමණ හඳුනාගෙන් තිබෙන අතර සම්පුර්ණ වශයෙන් අක්කර 4,490කට පමණ හානි සිදු ඇති බවයි.

     

    කොන්ත්‍රාත් පදනමකින් තොරව ඇළ වේලි , වාර්ග මාර්ග ආදිය ප්‍රතිසංස්කරණය කිරීමට ගොවි සංවිධාන එකඟත්වයට පැමිණ සිටින අතර එම කටයුතු සඳහා අවශ්‍ය වාහන යන්ත්‍ර සූත්‍ර කෘෂිකර්ම අමාත්‍යාංශය ලබා දී මේ වන විටත් එම කටයුතු ආරම්භ කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

     

    වගා හානියෙන් සිදු වන නිෂ්පාදන හිඟය පියවා ගැනීම සඳහා උපරීම වශයෙන් කටයුතු කරන බව බිත්තර වී නොමිලේ ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya