අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සෙනෙහසේ පියාපතෙන් " ආපදාවට ලක් වූවන්ට ආධාර

    මැයි 24, 2016

    හදිසි ආපදා තත්ත්වයක් රට පුරා ඇති වූ අවස්ථාවේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් ඇතිව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා අද වන විට විශාල වැඩපිළිවෙළක් කෙටිකාලීන හා දීර්ඝ කාලීනව දියත්කර තිබෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා ජාතික රූපවාහිනි සංස්ථාව, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, ඩයලොග් ආයතනය එක්ව පිහිටුවා ගත් “සෙනෙහසේ පියාපතෙන් " අරමුදලට විශාල මුදලක් ලැබෙමින් පවතින බවත් දින දෙකක් වැනි කෙටි කාලයකදී රුපියල් ලක්ෂ 350ක මුදලක් ලැබී තිබෙන අතර එය රුපියල් ලක්ෂ 1,000 දක්වා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ එම අරමුලෙන් ක්ෂණිකව අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

    ඒ අනුව ආපදාවට පත්වූවන් සඳහා උපකරණ බෙදාදීම යටතේ නිවාස හා ළිං පිරිසිදු කිරීමේ කාර්ය සඳහා අවශ්‍ය ජල මෝටර් යන්ත්‍ර සංකේතාත්මක ආපදා කළමානාකරණ අමාත්‍යාංශයට භාර දීම ඊයේ  (23) පස්වරුවේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු වූ අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එසේම ආපදාට ලක් වූ පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් යනාදී පාසල් උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ සඳහා දායකත්වය ලබාදීමට බලාපොරොත්තු වන බවත් ස්වයං රැකිය අහිමි වූ 3,000ක පමණ පිරිසක් දැනට හඳුනාගෙන සිටින අතර එම පිරිසට සහන ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

    මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රිදර්ශන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya