මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට ලක්වූවන් වෙනුවෙන් සෞඛ්‍ය සේවා සැපයීමට වෛද්‍ය කණ්ඩයම් 675ක්

    මැයි 24, 2016

    ආපදාවට ලක්වූවන් වෙනුවෙන් සෞඛ්‍ය සේවා සැපයීම සඳහා මේවනවිට වෛද්‍ය කණ්ඩයම් 675කට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇති බවත් පුද්ගලයන් 1,50,000කට වැඩි සංඛ්‍යාවක්ට සෞඛ්‍ය සේවා ලබදී තිබෙන බවත් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

    හදිසි ආපදා තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා ඉදිරි පියවර පිළිබඳ ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (24) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා මේ බව පැවසී ය.

     

    පසුගිය 16 වැනිදා සිට ආපදා සහන සැලසීමට සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක වුණා.16 වැනිදා සිට සෞඛ්‍ය කාර්යමණ්ඩලය පිටත් කොට තිබෙනවා.ඖෂධ 88ක් අඩංගු ඖෂධ පාර්සල් අපි ලබාදී තිබෙනවා.ඇතැම් ස්ථානවලට සෞඛ්‍ය සහන අවශ්‍ය බව දැනගත්තේ මාධ්‍ය මඟින් ඒ අනුව එම ස්ථනවලටත් අපි සහන ලබාදුන්නා.

     

    පද තත්ත්වය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා කාර්යසාධක බලකායක් කැඳවා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රසාදයට ලක්වුණා. සෞඛ්‍ය ගැටළු හේතුවෙන් කිසිවෙකු මේ දක්වා මරණයට පත් වී නෑ.ආපදා තත්ත්වයෙන් පසු විවිධ සංකූලතා ඇතිවෙන්නට පුළුවන්.ඖෂධ පිටත් කර යව තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මඟින් අවශ්‍ය කටයුතු කෙරෙනවා. ක්ලෝරීන් පෙති ලබාදීම,ලයිසෝල් ලබාදීම සිදු කරනවා යැයි වෛද්‍ය ජයසුන්දර බණ්ඩර මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya