අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසංගත රෝග තත්ත්වයක් මතුව නෑ- සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සුවිශේෂී සෞඛ්‍ය වැඩපිළිවෙළක්

    මැයි 24, 2016

    ගංවතුර හේතුවෙන් ආපදාවට පත් වූවන් රැදී සිටින කිසිම මධ්‍යස්ථානයක වසංගත රෝග තත්ත්වයක් මතුව නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ,සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    හදිසි ආපදා තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා ඉදිරි පියවර පිළිබඳ ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (24) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසී ය.


    ළිං ක්ලෝරීකරණ කිරීමේ ජාතික වැඩසටහන, නිවාස පිරිසිදු කිරීමේ පවිත්‍රකාරක සැපයීමේ වැඩසටහන, රෝග පැතිරීම අවම කිරීමේ ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කෙරේ.

    පෞද්ගලික ආයතන හා පුද්ගයන් විශාල වශයෙන් ආධාර ලබාදී තිබෙනවා.මුදල් හෝ කිසිම ඖෂධ ගිඟයක් මේවනවිට නැහැ.අවතැන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු සඳහා මේවනවිටත් විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

    විශාල ලෙස වෛද්‍යවරු, සංගම්, අනෙකුත් කාර්යමණ්ඩල ස්වෙච්ඡාවෙන් ම සහන සේවා සඳහා ඉදිරිපත් වුණා.පවතින තත්ත්වය පිළිබඳව දිනපතා වර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක ආපදා කළමනාකරණ ඒක්කයට ලැබෙනවා.

    මෙහිදී මහජනතාවගේ දායකත්වය ඉතාම වැදගත්.ත්‍රිවිධ හමුදාව, ජනමාධ්‍ය විශාල සේවයක් ලබාදුන්නා. ආපදා තත්ත්වය පහව යනවිට වසංගත තත්වය ඇතිවීමේ අවධානමක් පවතිනවා. ජනතාවට පිළිපදිය යුතු කරුණු ඇතුළත් පත්‍රිකා බෙදා හරින්නට කටයුතු කර තිබෙනව.පාචනය, උණ සන්නිපාතය, කහෞණ, වැනි වසංගත ඇතිවිය හැකියි.විශේෂයෙන් උතුරුවා නිවාගත් ජලය පාවිච්චියට ගැනීම වැදගත්.

    බෙහෙත්වල කිසිදු හිඟයක් නෑ.සෑම අවස්ථාවකම මුහුණ දීමට සූදානම් කාර්ය මණ්ඩලයක් සෞඛ්‍ය අංශය සතුව පවතිනව යැයි ද වෛද්‍ය අමල් අර්ෂ ද සිල්වා මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya