අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරෙන් අවතැන්වූවන් ලක්‍ෂයකට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප‍්‍රතිකාර

    මැයි 23, 2016

    ගංවතුරෙන් අවතැන්වූවන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති සෞඛ්‍ය කඳවුරු වලින් අවතැන්වූවන් ලක්‍ෂයකට වැඩි සංඛ්‍යාවක් විවිධ රෝග සඳහා ප‍්‍රතිකාර ලබා ගෙන ඇති බව සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා පවසයි.


    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ආපදා සෞඛ්‍ය සහන මෙහෙයුම් වැඩසටහන ක‍්‍රියාත්මක ය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කලමනාකරණ ඒකකය විසින් ආරම්භ කළ ආපදා සෞඛ්‍ය සහන  මෙහෙයුම් වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 67ක ක‍්‍රියාත්මක වේ. එම ප‍්‍රදේශවල පිහිටුවා ඇති කඳවුරු 267ක සෞඛ්‍ය සායන දිනපතා පැවැත්වෙයි.

    ගංවතුර බැස යාමත් සමග නිවාස සහ ලිං පිරිසදු කිරීමට අවශ්‍ය ක්ලොරීන්, ලයිසෝල් අවශ්‍ය තරම් තොග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාල වෙත ලබා දී ඇත. එම තොග ජනතාවට මේ වනවිට නිකුත් කරමින් සිටින අතර ළිං පිරිසිදු කිරීමේ දී අවස්ථා තුනකදීවත් සුද්ධ පවිත‍්‍ර කළ යුතු බව සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පවසයි. ඩෙංගු මදුුරුවන් බෝවීම වැලැක්වීම සඳහා දූමායන කටයුතු ද ආරම්භ කර ඇත. වසංගත රෝග තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති අතර එවැනි තත්ත්වයක් ඇති වීම වැලැක්වීම සඳහා සියලූ පියවර ගෙන ඇත.  

    ඇතැම් ප‍්‍රදේශවලින් රෝගීන් වාර්තාවුව ද ඔවුන් අවතැන් කඳවුරුවාසීන් නොවන බව හෙලි වී තිබේ.කඳවුරු කිහිපයක සිටි ජනතාවට ස්වසන ආාබාධ,සමේ රෝග සහ අක්‍ෂි රෝග වැලදී ඇති බව සෞඛ්‍ය සායන වලදී දක්නට ලැබුණි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කළ සෞඛ්‍ය සායන අඛණ්ඩව ක‍්‍රියාත්මක යි. සියලූම කඳවුරු වෛද්‍ය කණ්ඩායම් විසින් සෑම දිනකම  පරීක්‍ෂාවට ලක් කරයි. අපිරිසිදු ජලයේ සිටීම හේතුවෙන් අවතැන්වූවන්ගේ සමේ රෝග මතුවීමේ අවධානමක් දක්නට ලැබෙයි. එවැනි අවතැන්වූවන්ට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මකයි.

     

    අවතැන් කඳවුරුවල සිටින දරුවන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය සායන ද ආරම්භ කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ දත්ත වලට අනුව වයස අවුරුදු 5 අඩු දරුවන් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් කඳවුරුවල සිටින බව  හෙළි වී ඇත. වැඩිම දරුවන් සංඛ්‍යාවක් රඳවා ඇත්තේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ අවතැන් කඳවුරුවලයි.

    ඒ 4373ක්. අවතැන් කඳවුරුවල සනීපාරක්‍ෂක කටයුතු සඳහා තාවකාලික වැසිකිලි ඉදි කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya