මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරින් අවතැන් වූ වරාය සේවකයින්ට සහන රැසක්....

    මැයි 23, 2016
    ගංවතුරින් අවතැන් වූ ජනතාවට සහන සැපයීම වඩාත් වේගවත් කළ යුත්තේ දැන් බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ගංවතුරින් අවතැන් වූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින්ට සහන සැලසීමේ වැඩසටහනේ ප‍්‍රගතිය සොයා බැලීමේ අවස්ථාවට එක් වෙමිනි.
    ගංවතුරින් අවතැන් වූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින්ගේ ගණන 182 කි. ඔවුනට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නිවාස තාවකාලිකව ලබාදීමට මේ වනවිට එම අධිකාරිය තීරණය කර තිබේ. මීට අමතරව පිසූ ආහාර, වියළි ආහාර සහ ඇඳුම් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ සහන වැඩසටහනක්ද ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ක‍්‍රියාත්මක කරයි. එම සහන වැඩසටහනේ ප‍්‍රගතිය සොයා බැලූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ගංවතුරින්  අවතැන්වූවන්ට සහන සැලසීම සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සංවිධානාත්මකව කටයුතු කළයුතු බවයි. ගංවතුරින් අවතැන් වූ ජනතාවගේ නිවාස අළුත්වැඩියා කිරීම, ජලය ඉසීම වැනි කාර්යයන් සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පත් යොදා ගතයුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. 
     
    එතුමා වැඩිදුරටත් උපදෙස් දුන්නේ අවතැන් වූවන් සඳහා පිසූ ආහාර වරාය මුළුතැන් ගෙයින් දෛනිකව ලබා දෙන ලෙසයි. ඒ අනුව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මේ වනවිට දිනකට පිසූ ආහාර පැකට් 1,000 බැගින් අවතැන්වූවන් සඳහා ලබාදේ. මෙම සහන සැලසීමේ වැඩසටහනේ ප‍්‍රගතිය සොයාබැලීමේ අවස්ථාවට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා ඇතුළු නිලධාරීන් රැසක්ද සහභාගි වී සිටියහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya