අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත‍්‍රීපෝෂ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමට පියවර

    මැයි 23, 2016

    ත‍්‍රීපෝෂ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර  ගෙන තිබේ.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට අයත් 1973 වසරේ දී  ආරම්භ කරන ලද කදාන පිහිටි ත‍්‍රීපෝෂ සමාගම සංවර්ධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත‍්‍රීපෝෂ සමාගම සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂ සාක්ච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි. එහිදී මෙම තීරණය ගනු ලැබිය.

     

    ඒ අනුව ත‍්‍රීපෝෂ සමාගෙමි සංවර්ධන කටයුතු උදෙසා 2016 අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 500 කි. 2015 වර්ෂයේ අයවැයෙන් වෙන් කර තිබුනේ රුපියල් මිලියන 200 කි.

    ඒ අනුව ත‍්‍රීපෝෂ සමාගෙමි කර්මාන්ත ශාලාවට නව යන්ත‍්‍රසූත‍්‍ර සවි කිරීමටත්, එහි වහලය රුපියල් රුපියල් මිලියන 28.5 ක ක මුදලක් වැය කර අළුත්වැඩියා කිරීමට ද නියමිතය. නව යන්ත‍්‍ර සුත‍්‍ර සවි කිරීමෙන් පසු එහි නිෂ්පාදන ධාරිතාවය සියයට සියයකින් වැඩි කිරීමට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා  පැවැසීය.

     

    2016 වසරේ නිෂ්පාදන සදහා අවශ්‍ය මුලික අමුද්‍රව්‍ය ප‍්‍රමාණාත්මකව මේ වනවිටත් පවතින බවත්, 2017 සදහා 2016 වසරේ බඩ ඉරිගු නිෂ්පාදන ප‍්‍රමාණවත් නොවන බවද මෙහිදී තහවුරු විය.

    ත‍්‍රීපෝෂ බඩ ඉරිගු, සෝයා ඇට, කිරිපිටි, විටමින්, මිනරල්වල මිශ‍්‍රණයක් වන අතර, ගැබිනි හා මන්දපෝෂණ ළදරුවන් සදහා මෙය අතිරේක ආහාරයකි. 1976 වසරේ දී   මාසිකව 293,000 ක් වන ප‍්‍රතිලාභීන් සදහා නිෂ්පාදන ආරම්භ කරන ලදි. මෙම යන්ත‍්‍රය සවිකර දැනට අවුරුදු 40 ක් පමණවේ.

     

    එමෙන්ම 1979 වර්ෂයේ 580,000 ක් වන මුළු ප‍්‍රතිලාභීන් සදහා නිෂ්පාදන කටයුතු සිදු කරන ලදි. වර්තමානයේ  යන්ත‍්‍රවල ක‍්‍රියාකාරිත්වය අඩාලවීම හා ප‍්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් නිෂ්පාදනාගාරයේ ධාරිතාවය ඉහළ නැංවීය යුතුව ඇත. වර්තමානයේ ප‍්‍රතිලාභීන් මිලියන 1.2 ක් වන අතර, ත‍්‍රීපෝෂ පැකට් අවශ්‍යතාවය මිලියන 2.4 කි. වර්තමානයේ නිෂ්පාදන ධාරිතාවය මසකට (750ට පැකට්) මිලියන 1.8 කි. නව යන්ත‍්‍ර සවි කිරීමෙන් පසු නිෂ්පාදන ධාරිතාවය මසකට (750ට) මිලියන 3.6 දක්වා ඉහළ නැංවෙන අතර, ඒ අනුව නිෂ්පාදන අතිරික්තය (750ට පැකට්) මිලියන 1.2 ක් දක්වා අවම කර ගත හැකි වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya