අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුදුසු ඇඳුමකින් පාසල් පැමිණීමට අවසර දෙන්න - අධ්‍යාපන ඇමැති

    මැයි 23, 2016

    පවත්නා ආපදා තත්ත්වය පහව යනතුරු විපතට පත් ප‍්‍රදේශයන්හි දරුවන්ට පාසල් පැමිණීමේ දී නිල ඇඳුම් වෙනුවට වෙනත් සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණිමට අවසර ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

     
    ආපදා තත්ත්වය හේතුවෙන් නිල ඇඳුම්වලට හානි සිදුවීම, තිබෙන සීමිත ඇඳුම් සංඛ්‍යාව සෝදා වියළා ගැනීමට නොහැකි විම ආදී ප‍්‍රායෝගික ගැටලු මත දරුවන්ට පාසල් පැමිණිමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවට නැඟුනු මැසිවිලි සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන් සමඟ සාකච්ඡා කර මෙම තීරණය ගෙන තිබේ.

     

    ඒ අනුව ආපදා තත්ත්වය පහව යන තුරු එහි බලපෑමට ලක් වූ සිසුන්ට මේ සඳහා අවසරය හිමි වන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya