අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන රතු කුරුස සමාජයේ ඇමෙරිකන් ඩොලර් පනස්දහසක ආපදා සහන

    මැයි 23, 2016

    ශ්‍රී ලංකාවේ නායයාම හා ගංවතුර විපත් තත්ත්වය පිළිබඳව සිය සංවේගය පළ කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි.

    චීන විදේශ අමාත්‍ය වං යී මහතා පසුගියදා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත විදුලි පණිවිඩයක් මගින් සිය සංවේගය පළ කර තිබේ.

    චීනය හා ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසි රටවල් දෙකකි. චීන ජනතාව ශ්‍රී ලංකාවේ විපතට ලක් වූ ලංකිකයන් කෙරේ දැඩි සැලකිල්ලක් දක්වමින් ශ්‍රී ලංකා රජය හා විපතට පත් පිරිස වෙත අවංක සංවේගය හා සානුකම්පාව පළ කරන අතර ජීවිතක්ෂයට පත් වූවන් පිළිබඳව ශෝකය පළ කරන බව වං යී මහතා විදේශ අමාත්‍යවරයා වෙත යවා ඇති පණිවිඩයේ සඳහන් වේ.

    ශ්‍රී ලංකා රජයේ නායකත්වය යටතේ සමස්ත ශ්‍රී ලංකාවාසීන් අසීරු අවස්ථාවෙන් බේරා ගත හැකි යැයිට තමා විශ්වාස කරන බව චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කරයි.

    චීනය හැකි උපරීමයෙන් ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බව ද වං යී මහතා එම පණිවිඩයෙන් සඳහන් කරයි.

    එමෙන්ම චීන රතු කුරුස සමාජය ශ්‍රී ලංකාවේ විපත් සහන කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් පනස්දහසක මුදලක් පරිත්‍යාග ක‍ර ති‍‍බේ.

    පසුගිය දා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දේශපාලන කාර්ය ක්ෂේත්‍ර භාර නිලධාරි Pang Chunxue මහත්මිය චීන රතු කුරුස සමාජය වෙනුවෙන් එම පරිත්‍යාග මුදල් ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ උප අධ්‍යක්ෂ ජනරල් මඩුගල්ල මහතාට වෙත ලබා දී තිබේ.

    Pang Chunxue මහත්මිය ශ්‍රී ලංකා ජනතාව විශේෂයෙන්ම විපතට පත් අය වෙත අවංක සංවේගය හා සානුකම්පාව පළ කළ අතර මඩුගල්ල මහතා
    චීන රතු කුරුස සමාජයට සිය ස්තුති පළ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya