අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරෙන් අවතැන්වූවන්ට සෞඛ්‍ය සහන සැළැසීම සදහා විශේෂ වැඩපිළිවෙළක්

    මැයි 23, 2016

     ගංවතුරෙන් අවතැන්වූවන්ට සෞඛ්‍ය සහන සැළැසීම සදහා විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


    සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන වැඩපිළිවෙල පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
    ජනරාල්වරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විනි.


    ගංවතුර හේතුවෙන් දිස්ත‍්‍රික්ක 21 ක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62 ක් ආපදාවට ලක්වී ඇති බව වාර්තා විය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන යටතේ ආපදාවට ලක්ව ඇති සියළුම දිස්ත‍්‍රික්ක සදහා සීමාවක් නොමැතිව මුදල් ලබාදී සෞඛ්‍ය සේවාවන් ඉටු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.


    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීමට නියමිතය. විශේෂයෙන්ම දැඩි ආපදාවට ලක්ව ඇති කඩුවෙල, කොළොන්නාව, කොටිකාවත්ත- මුල්ලේරියාව, යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව වෙනුවෙන් විශේෂ ජංගම සෞඛ්‍ය සායන ක‍්‍රියාත්මකයි.

    ඉදිරියේ දී ආපදා තත්ත්වය වැඩි වුවහොත් ඒ සදහා විශේෂ පුහුණුව ලැබූ වෛද්‍යවරු 37 දෙනෙකු අවශ්‍ය වෛද්‍ය සේවාවන් සැපයීම සදහා පැය 24 පුරා ක‍්‍රීයාත්මක වන පරිදි සුදානම් කර ඇත. දරුවන් සහ ගැබිනි මාතාවන් රෝහල් කරා රැගෙනඒමට අවශ්‍ය ගිලන් රථ හා අනෙකුත් සේවාවන් ක‍්‍රීයාත්මක කර තිබේ.

    සෑම අවතැන් වූ කඳවුරකටම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු යොමු කර ඇත. අත්‍යාවශ්‍ය ඖෂධ බෙදාහැරීම සදහා දිස්ත්‍රික්ක 21 ක් වෙනුවෙන් ඖෂධ ප‍්‍රවාහන පහසුකම් මේ වනවිටත් සපයා ඇත.

    තවද ඉදිරියේ දී ඇතිවිය හැකි වසංගත රෝග තත්ත්වයන් මඟහරවා ගැනීම සදහා මුලික කටයුතු මේ වනවිටත් සුදානම් කර ඇත. විශේෂයෙන්ම පානීය ජලය ඉතා ඉක්මනින් පිරිසිදු කිරීම සදහා අවශ්‍ය ක්ලෝරීන් කැට හා කුඩු අවශ්‍ය තරම් අමාත්‍යාංශය සතුව ඇති බව ද තහවුරු වී ඇත. එමෙන්ම දිනපතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, අවතැන් වූවන් රැදී සිටින ස්ථාන පරීක්ෂා කළ යුතු අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රධාන කාර්යාලයේ පැය 24 පුරා විවෘතව ඇති කාර්යාලය වෙත දැනුම් දිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වෛද්‍ය පාලිත මහීපාල මහතා  පවසයි.

    එමෙන්ම විශේෂ කණ්ඩායම් කිහිපයක් දිවයිනේ සියළුම කඳවුරුවල වර්තමාන තත්ත්වය සොයාබැලීම සදහා පිටත් කොට ඇත. අරණායක ප‍්‍රදේශයේ නායයෑමෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම සදහා ජංගම සෞඛ්‍ය සායන ක‍්‍රීයාත්මක අතර, අතිරේක වෛද්‍ය කණ්ඩායම් ද යොමු කර ඇත. කෑගල්ල මහ රෝහලට 12 දෙනෙකුගෙන්
    යුත් අතිරේක වෛද්‍ය කණ්ඩායම් ද යොමු කර තිබේ.

    බ්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya