අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට පත් උසස් පෙළ දරුවන්ට විශේෂ වැඩසටහනක්

    මැයි 23, 2016

    පවතින අයහපත් කාළගුණයෙන් අපදාවට ලක්වූ පාසල් සිසුන් වෙත සහන සැලසිම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාපනය කරන ලද විශේෂ අපදා සහන මෙහෙයුම් මැදිරිය හරහා පීඩාවට පත් උසස් පෙළ සිසුන් වෙනුවෙන් අවශ්‍ය විෂය සටහන් පොත් ලබා දීමට කොළඹ විශ්වවිද්‍යාලය එක්වී සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

     

    ඒ අනුව විශ්වවිද්‍යාල සිසුන් තමන් උසස් පෙළ සඳහා යොදාගත් පෞද්ගලික සටහන් පොත් සහ විෂය කරුණු ඇතුළත් සෙසු සටහන් ඡායාපිටපත් කොට පීඩාවට පත් සිසුන් වෙත ලබාදීමට පියවර ගෙන තිබේ.

    පීඩාවට පත් පාසල් සිසුන්ට සහන සැලසිම සඳහා අරම්භ කළ විශේෂ ආපදා සහන මෙහෙයුම් මැදිරියට මේ වනවිට දේශීය මෙන්ම විදේශීය පාරිත්‍යාගශීලීන්ගෙන් ද්‍රව්‍යමය ආධාර තොග පිටින් ලැබෙමින් පවතින බවත් එලෙස එක්රැස් කෙරෙන අභ්‍යාස පොත්, පෑන් පැන්සල් ඇතුළු පාසල් උපකරණ  සහ දරුවන්ට අවශ්‍ය අනෙකුත් බඩුබාහිරාදිය ආපදා තත්ත්වය පහව ගිය සැනින් දරුවන් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සංවිධානය කර අවසන් බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

     

    තවදුරටත් දරුවන් වෙනුවෙන් ද්‍රව්‍යමය අධාර ලබාදීමට කැමති පරිත්‍යාගශිලීන්ට බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටුවා ඇති විශේෂ ආපදා සහන මැදිරියට එම ආධාර ගෙනවිත් භාරදිය හැකියි.

     

    මීට අමතරව දිවයින පුරාම පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාල හරහා ද ද්‍රව්‍යමය අධාර එක්රැස් කිරීමට ද කටයුතු යොදා ඇත.

     

    පරිත්‍යාග භාරගැනීමෙන් අනතුරුව භාරගැනීම සහතික කරමින් පත්‍රිකාවක් සියලු පරිත්‍යාගශීලින් වෙත ලබාදීම හරහා අදාළ කටයුත්තෙහි විනිවිදභාවය තහවුරු කිරීමට ද අධ්‍යාපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී ඇත.

     

    වැඩිදුර විස්තර සඳහා 0112786384
    0712365965 - සෙනරත්
    0718387212 - රොහාන් අමතන්න.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya