අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ROANU’ සුළි කුණාටුව- දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව තවදුරටත්

    මැයි 21, 2016

    බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින‘ROANU’ සුළි කුණාටුව මේ වනවිට කන්කසන්තුරය ප්‍රදේශයට ආසන්න වශයෙන් කි.මී.1100 ක් ඊසාන දෙසින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එය තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතී. පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහයේ අභිසාරීබව හේතුවෙන් දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතී.

    දිවයිනේ බස්නාහිර, වයඹ,දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල වැසි වාර කිහිපයක්  ඇතිවේ. නැගෙනහිර පළාතේ  ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු   වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (21) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya