අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාන්ධාර දේශයේ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය අද සිට

    මැයි 21, 2016

    ගාන්ධාර දේශයේ,තක්ෂිලා කෞතුකාගාරයේ තැම්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා හා නීලගිරි චෛත්‍ය ආශ්‍රිත පුරාවිද්‍යාත්මක කැණීම්වලින් සොයාගන්නා ලද සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුළු බෞද්ධ පුරාවිද්‍යාත්මක භාණ්ඩ ප්‍රදර්ශනය අද සිට අරලියගහ මන්දිරයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලය කටයුතු සංවිධානය කර ඇත.

    අද සිට ඇරඹෙන ධාතු ප්‍රදර්ශනය මයි 25 දක්වා අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි.

    වෙසක් පොහොය වන අද පෙ.ව. 7.30ට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතාවට විවෘත කිරීමට නියමිතය.


    මෙම ප්‍රදර්ශනය හුණුපිටිය ගංගාරම විහාරස්ථානය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එකාබද්ධව සංවිධානය කරනු ලබන බුද්ධ රශ්මි වෙසක් කලාපය හා සමගාමීව පැවැත්වේ.


    වෙසක් පොහොය දින සිට සති 05ක කලසීමාවක් අරලියගහ මන්දිරයේ සිට සමස්ත දිවයිනම ආවරනය වන පරිදි විහාරස්ථාන 17කදී ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය කටයුතු සංවිධානය කර ඇත.


    මෙම සර්වඥ ධතූන්වහන්සේලා ප්‍රදර්ශනය කිරීමේ සංවිධාන කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යන ආයතන හා අග්‍රාමාත්‍ය කාර්යාලය එකාබද්ධව සිදු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya