මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරකරුවෝ 540ක් අද නිදහස් වෙති

    මැයි 21, 2016

    වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති විශේෂ රාජ්‍ය පොදු සමාව යටතේ සිරකරුවන් 540 දෙනෙකු අද (21) නිදහස් කෙරෙන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

    අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මෙම ඉල්ලීම සිදු කර තිබේ.

     

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා පැවරී ඇති බලතල අනුව දැනට බන්ධනාගාර ගත කොට තිබෙන සිරකරුවන්ගෙන් දණ්ඩ නීති සංග්‍රහයේ විවිධ වගන්තිය යටතේ එම සමාව දීම සිදු වේ.

     

    බන්ධනාගාර ගතව සිටින සියලුම සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට හෝ කොටසකට, සතියකට (දින7) සමාවක් ලබාදීම හා අද (21) දින වන විට දඩමුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් ගෙවමින් පවතින දඩුවමේ ශේෂය අහෝසි කිරීම සිදු වේ.

    අද දින වන විට වසර 10කට වැඩි කලක් සිරගතව සිටින සිරකරුවන්ගේ දඩුවම එදින සිට ඉදිරියට අවුරුදු 20ක සිරදඩුවමක් බවට පරිවර්තනය කිරීම ද සිදු වේ.

     

     

    එසේම අද දින වන විට බන්ධනාගාර ගතව වසරකට වැඩි කාලයක් සිරදඩුවම් විදින හා මරණීය දණ්ඩනය නියම වී ඇති සිරකරුවන් අතරින් වයස අවුරුදු 70 ඉක්ම වූ සිරකරුවන්ගේ ඉදිරියට ගෙවීමට ඇති දඩුවමේ ශේෂය චෝදනා වශයෙන් වර්ග නොකර පොදුවේ අහෝසි කිරීමට හා නිර්දේශය මත ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමි වන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya