පවතින අයහපත් කාළගුණය හේතුවෙන් නොයෙක් පීඩාවන්ට පත් පාසල් දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන මේ සද්කාර්යය සාර්ථක කර ගැනීමට විදෙස් රටවල සහෝදර ජනතාව ද මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව සිටිති.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරි මහත්ම මහත්මීන් ද දිවා රෑ නොබලා මේ කටයුත්තට දායක වී සිටින බවත් ඊයේ දින සිට ආරම්භ කරන ලද මෙම ද්‍රව්‍යමය ආධාර එක්රැස් කිරීමේ වැඩසටහනට, මේ වනවිටත් අභ්‍යාස පොත්, පෑන් පැන්සල් ලිපි ද්‍රව්‍ය මෙන්ම වියළි ආහාර ද්‍රව්‍ය, බෙහෙත්, පානීය ජල බෝතල් සහ ඇඳුම් පැළඳුම් රැසක් ද ලැබී ඇත.
මේ සියලු කටයුතු පෞද්ගලිකවම සොයා බලමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද ඊයේ (20) දහවල් ද්‍රව්‍යමය ආධාර එක්රැස් කිරීමේ කටයුතු නිරීක්ෂණය කළ බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.