අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආධාර එක්රැස් කිරීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම්ගේ අධීක්ෂණය යටතේ මධ්‍යස්ථාන 17 ක්

    මැයි 20, 2016

    ආපදාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර එක්රැස් කිරීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ අධීක්ෂණය යටතේ මාතර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 17 ක් පිහිටුවීමට කටයුතු කර තිබේ.

    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මාතර, හක්මණ, පිටබැද්දර, පස්ගොඩ, දික්වැල්ල, මුලටියන, මාලිම්බඩ, දෙවිනුවර, අකුරැස්ස, කොටපොල, කිරින්ද - පුහුල්වැල්ල, කඹුරුපිටිය, වැලිගම, අතුරලිය, තිහගොඩ හා වැලිපිටිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආධාර එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යති.

    පානීය ජල බෝතල්, ළදරු කිරිපිටි, ළදරුවන් සඳහා සනීපාරක්ෂක යට ඇඳුම්, පැදුරු හා කොට්ට, ලන්තෑරුම්, පාසල් ළමුන්ගේ උපකරණ, ළිං පිරිසිදු කිරීමට වතුර පොම්ප, ජෙනරේටර්, කඳවුරු ගොඩනැගිලි සඳහා ජනෙල් ආවරණ, ජල බවුසර්, කාන්තාවන් සඳහා අවශ්‍ය ඇඳුම් කට්ටල, පිරිමින් සඳහා අවශ්‍ය ඇඳුම් කට්ටල, මුළුතැන්ගෙයි උපකරණ කට්ටල, වියළි ආහාර පාර්සල්, තාවකාලික ආවරණ (ටෙන්ට්), බ්ලැන්කට් හා අනාථ කඳවුරු වලට අවශ්‍ය වෙනත් ආධාර එක් රැස් කිරීම මෙහි දී සිදු කෙරේ.

    එක්රැස් කරන ද්‍රව්‍යමය ආධාර කොළඹ, ගම්පහ, කෑගල්ල, රත්නපුර හා කිලිනොච්චිය යන ආපදාවට පත් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත බාරදීමට නියමිත ය.

    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya