මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වයෙන් පවුල් 3,117 ක පුද්ගලයින් 12,172කට බලපෑම්

    මැයි 20, 2016
    රත්නපුර දිස්ත්‍රික්කයට අද මේ වන විටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ  17 ක පවුල් 3,117 ක පුද්ගලයින් 12,172 ක් ආපදාවන්ට ලක්ව ඇත.
    ගංවතුර, පස්කඳු කඩා වැටීම, නායයෑමේ අවධානම, තද සුළං හේතුවෙන් මෙම පිරිස  ආපදාවන්ට ලක්ව ඇති අතර මේ වන විට දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරු 71 පවුල් 1,003 ක පුද්ගලයින් 3858 ක් තාවකාලිකව රඳවා ඇත.
     
    රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ උපදෙස් පරිදි අදාල ප්‍රාදේශීය ලේකම්වරුන් හා රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ අවතැන් වූවන්ට අවශ්‍ය  පිසූ හා වියළි ආහාර ද්‍රව්‍ය, බෙහෙත් හා අනිකුත් සියළු පහසුකම් සපයා දීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
     
     
     
    AP/DMU-Ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya