මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත්වුවන්ට සහන සැලසීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක්

    මැයි 20, 2016
    පවතින නායයාම් හා ගංවතුර හේතුවෙන් අවතැන් වු ශ්‍රී ලංගම සේවකයන් වෙනුවෙන් සියළුම ශ්‍රී ලංගම සහෝදර සේවකයින්ගේ දිනක වැටුප පරිත්‍යාග කිරීමට සූදානම් බව ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.
    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත මෙම සත්කාරයට ශ්‍රී ලංගම සේවකයන් සත්භාවයෙන් යුතුව දායකවීමට  කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත්, එම නිසා ශ්‍රී ලංගම සේවකයින්ගේ දිනක වැටුප පරිත්‍යාග ලෙස ලබාගන්නා ලෙස අදාළ චක්‍රලේකයක් නිකුත් කර ඇති බවත් සභාපතිවරයා ප්‍රකාශ කරයි. 
     
    මේ අතර ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වුවන්ට සහන සලසන රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන වලින් එකතු කරනු ලබන භාණ්ඩ හා ද්‍රව්‍ය අදාළ ස්ථාන වලට ප්‍රවාහනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇත. ඒ අනුව ප්‍රවාහනය කළයුතු ද්‍රව්‍ය හා භාණ්ඩ ප්‍රධාන දුම්රිය ස්ථාන වලට භාරගන්නා බවත්, එම භාණ්ඩ නොමිලේ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න මහතාට උපදෙස් ලබාදී ඇත.  ඒ අනුව මේ වන විට සියළු ප්‍රධාන දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අදාළ උපදෙස් චක්‍රෙල්ඛයකින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් යවා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අවධාරණය කරයි.
     
    මේ අතර කටුනායක ගුවන් තොටුපල හා ගුවන් සමාගම විසින් කටුනායක හා අවට අවතැන්ව සිටින ජනතාවට අවශ්‍ය පානීය ජලය හා වියළි ආහාර  ද්‍රව්‍ය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත . ඒ අනුව ලීටර් 05 ජල බෝතල්  5000 ක් හා වියළි ආහාර බෙදාදීම අද දින සිදු කෙරේ.
     
    මීට අමතරව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට සම්බන්ධ සුභසාධක සංගම් වලද දායකත්වය ලබාගෙන අවතැන් වුවන් සඳහා සහනාධාර සැපයීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැළසුම් කර ඇති බව අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා ප්‍රකාශ කරයි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya