අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කිහිපයකට අදත් වැසි

    මැයි 20, 2016

    බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ROANU’ සුළි කුණාටුව මේ වනවිට කන්කසන්තුරය ප්‍රදේශයට ආසන්න වශයෙන් කි.මී.900 ක් උතුරින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එය තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින අතර පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහයේ අභිසාරීබව හේතුවෙන් දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතී.

     දිවයිනේ නිරිත දිග කොටසට වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බැවින් එසේ වුවහොත් සමහර ප්‍රදේශවලට තද වැසි හෝ ඉතා තද වැසි (මි.මී. 100-150) ඇති විය හැක.

    දිවයිනේ බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් ගාල්ල, මාතර දිස්ත්‍රීක්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    සෙසු ප්‍රදේශවල තැනින් තැන  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya