අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොට්ටාව - කඩවත අතර කෙටි ගමන් අදත් නොමිලේ

    මැයි 19, 2016

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ ප‍්‍රදේශයේ පවතින මාර්ග තදබදයට පිලියමක් ලෙස කඩවත - කොට්ටාව අතර කෙටි ගමන් සදහා කොළඹ පිටත අධිවේගී මාර්ගය ගාස්තු අයකිරීමකින් තොරව භාවිතා කිරීමට අද (19) දිනයේ ද අවස්ථාව ජනතාවට ලබා දී තිබේ.

    රටපුරා පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් කොළඹ නගරය හා ඒ අවට පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් ඇතිව තිබෙන මාර්ග තදබදයට ක්ෂණික පිළියමක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

     

    මේ සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත උපදෙස් ලබාදී ඇත. ඒ අනුව අද දිනයේ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට සුදුසුකම් ලත් වාහන සඳහා පමණක් කඩවතල කඩුවෙල, කොතලාවල, අතරුගිරිය, කොට්ටාව යන අන්තර්හුවමාරු මධ්‍යස්ථාන භාවිතා කරමින් කොළඹ පිටත අධිවේගී මාර්ගයේ කඩවත - කොට්ටාව අතර කොටස කෙටි ගමන් සඳහා, ගාස්තු අයකිරීමකින් තොරව භාවිතා කිරීමේ අවස්ථාව හිමිවන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

     

    මෙහිදී අධිවේගී මාර්ගයට පිවිසෙන රියදුරන් සදහා පොලිසිය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරන අතර ඒ අනුව කටයුතු කරන ලෙස මාර්ගය භාවිතා කරන රියදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya