අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා සම්බන්ධීකරණයට ඉහළ පෙළේ කමිටුවක්

    මැයි 19, 2016

    වත්මන් ආපදා කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එස්. මියනවල මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ඉහළ පෙළේ කමිටුවක් පත් කර තිබේ.

    වත්මන් ආපදා තත්ත්වය පිළිබඳව විමසා බැලීම සහ ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සේවා සැලසීම පිළිබඳව මෙතෙක් සිදු කෙරෙමින් පවතින කාර්යභාරය සමාලෝචනය කිරිම සහ වඩාත් විධිමත් කිරීම අරමුණු කර ගනිමින් විශේෂ රැස්වීමක් ඊයේ (18) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

     

    මෙහිදී සහන සේවා කාර්යයන් වඩා වේගවත් කරලීම පිළිබඳව ගතයුතු පියවර සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර එහිදී මෙම කමිටුව පත් කිරීමට තිරණය කර තිබේ.

     

    මෙම සාකච්ඡාවට ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එස්. මියනවල, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරු ද, ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇතුලු පිරිසක් ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya