අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට හැකි වන පරිදි සියලු අංශ සූදානමින් තබන්න

    මැයි 19, 2016

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇති විය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට හැකි වන පරිදි සියලු අංශ සූදානමින් තබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා   උපදෙස් ලබා දුන් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.


    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම පිළිබඳව පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති මාධ්‍ය සාකච්ඡා‍වකට සහභාගී වෙමිනි‍.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා  සඳහන් කළේ, ගංවතුරෙන් හා නායයෑම් හේතුවෙන් අවතැන් වන පුද්ගලයෙකු සඳහා දිනකට වෙන් කෙරෙන මුදල වැඩි කිරීමට ද මෙහිදි තීරණය කර තිබෙන බවය.

    ඒ අනුව රුපියල් 150ක් වන අදාළ මුදල රුපියල් 225 දක්වා වැඩි කිරීමට තීරණය වූ  බවත් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
    එම දීමනාව වැඩි කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව හදිසි කැබිනට් පත්‍රිකාවක්  ආපදා කළමණාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ බවද  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya