අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ 8,000ක් අවතැන්

    මැයි 18, 2016

    අයහපත් කාලගුණය නිසා කෑගල්ල දිස්ති‍්‍රක්කයේ 8,000කට ආසන්න පිරිසක් අවතැන් වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ අරණායක දෙබත්ගම නාය යෑමෙන් විපතටපත් ජනතාවට කඩිනම් සහන ලබාදීම සඳහා දෙබත්ගම පිහිටුවා තිබෙන ආපදා සහන මධ්‍යස්ථානයේ දී ප‍්‍රදේශවාසීන් සමඟ පැවති සාකච්ජාවකදීය.

    බුලත්කොහුපිටිය වතු නිවාස නාය යාමෙන් 16 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර එම පිරිස සෙවීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ.

    මේ වන විට ති‍්‍රවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු සියලු සංවිධාන එක්ව විපතටපත් ජනතාව මුදවාගැනීම සඳහා දැවැන්ත කි‍්‍රයාන්විතයක් සිදු කරනු ලබන  බවත් මේ වන විට පිහිටුවා තිබෙන අවතැන් කඳවුරේ 1,000 කට අධික පිරිසක් රැඳී සිටින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    ඒ අයගේ සියලු අවශ්‍යාතවන් සඳහා මේ වන විට අවශ්‍ය ප‍්‍රතිපාදන යොමුකොට තිබෙන බවත් මීට අමතරව ඉදිරියේදී ඇති විය හැකි අවශ්‍යතාවන් සම්බන්ධයෙන් කඩිනම් සාකච්ජා ආරම්භ කර තිබෙන අතර ඒ අනුව කටයුතු කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya