අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට රජය සූදානම් - ජනමාධ්‍ය ඇමැති

    මැයි 18, 2016

    අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 18ක පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට රජය සියලු කටයුතු සූදානම් කර තිබෙන බවත් ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට මෙන් පුද්ගලයින් මිය ගිය පවුල්වල ඥාතීන්ට රජය වෙනුවෙන් අමාත්‍යවරයා සාතිශය සංවේගය පළ කර සිටියේය.  

     ඊයේ (16) වන විට වාර්තා වී ඇති පවුල් 31,062ක සාමාජිකයින් 128,428ක් පීඩාවට පත්ව ඇති අතර, ඒ හේතුවෙන් කිහිපදෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බවට ද වාර්තා වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එසේම නිවාස 12ක් සම්පූර්ණ වශයෙන් ද නිවාස 201 ක් අර්ධ වශයෙන් ද හානි වී ඇති බවට වාර්තා වී ඇත. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් දිවයින පුරා ස්ථාපිත කර ඇති සුබසාධන මධ්‍යස්ථාන සංඛ්‍යාව 104ක් වන අතර, එම මධ්‍යස්ථානවල පවුල් 16,968කට අයත් පුද්ගලයෝ 77,265ක් රැඳී සිටිති. එම පිරිස් සඳහා පිසූ ආහාර ඇතුළු අවශ්‍ය පහසුකම් ලබා දීම මේ වන විටත් ආරම්භ කර ඇත.

    2016-04-01 දින සිට ක්‍රියාත්මක වන ස්වාභාවික ආපදා සඳහා වූ ජාතික රක්ෂණාවරණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 20ක මුදල් ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයට ලබා දී ඇති අතර, ආපදාවන් පවතින දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ඉල්ලීම පරිදි සහන ලබා දීමට අවශ්‍ය මුදල් බෙදා දීමේ කටයුතු ද ක්‍රියාත්මක කරමින් පවතින බව ඒ මහතා පෙන්වා දුන්නේය.

    ඒ අනුව, හදිසි ආපදා තත්ත්වයකදී පිසූ ආහාර සඳහා එක් අ‍යෙකුට දෛනිකව දැනට ලබා දෙන රුපියල් 150/-ක මුදල, රුපියල් 225/- දක්වා වැඩි කිරීම‍ටත්, ක්ෂණික ආපදා සහන සේවා සැපයීමේදී රක්ෂණ ක්‍රමය යටතේ දැනට ආවරණය නොවන කාරණා සම්බන්ධයෙන් සහන සැලසීම සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා  මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya